🎭 06 Chapter 🎭

1.1K 227 31
                                    


Author pov,

" අංක 15 ඕඩර් එක ගන්න"

" ඔකෙ සර්"

අඩි කීපයක් ඈතින් ඇහුන ඒ දෙබසත් එක්ක කොනේම ටේබල් එකක කවුන්ටර් එකට පිටුපාලා වාඩි වෙලා හිටපු යීබෝ කකුලක් උඩ කකුලක් දාගෙන බලන් හිටියෙ එයා බලාපොරොත්තු උන රුව එතනට එනකන්. උදේ පරක්කු වෙලා ගියපු බිස්නස් වැඩෙ ඔනිවටත් වඩා හොදට කර ගත්තා උනත් එයාගෙ හිත දවසම තිබුනේ අර උස කෙට්ටු හාදයා ගාවයි එයාගෙ දරුවා ගාවයි. අවුරුදු තුනක් ඇතුලත වෙච්චි දේවල් කොහොමත් දන්නෙ නැති නිසාම යීබොට පුලුවන්කමක් තිබුනෙ නැ එයාට ඔනි විස්තර හොයාගන්න විදිහක්. එහෙම උනෙ ඇයි කියන්න හරියට විස්තරයක් හොයා ගන්න්න යීබොට බැරි වෙනකොට එයා නොසන්සුන් උනා..

එ වගෙම එයාට ඔනිත් උනා ආයෙම ඒ ඇස් ඉස්සරහට යන්න.. එ කෙනාව හැල්ලුවට ලක් කරන්න. එයා දින්නා කියලා අගවන්න. මොකද කලින් පාර එයා දිනලා ගියාට එකෙ රස හරියට විද ගන්න බැරි උනාදෝ කියලා උදේ සිද්දියත් එක්ක යීබෝට හිතුනා. හොදම හරිය මිස් වෙලා වගෙ. යීබෝට කොහොමද එයා විදවන විදිහ බලන්න මගැරුනෙ?

හැබැයි ඔය ඔක්කොම අස්සෙ එයාට උත්තර නොලැබුන ප්‍රශ්න ගොඩකුත් තිබුනා. ඒ වගෙම ඒ ඔක්කොටම උඩින් තිබුනෙ දරා ගන්න බැරි තරම් කේන්තියක්..

ඌ කොහොමද වෙන එකෙක්ව බැදලා පවුල් කන්නෙ?
එ දැනුන කෙන්තිය පාලනෙ වෙන්න එකම හේතුව එ කෙනා දුක් විදින විදිහ.. එ කෙනාගෙ අසරන උන ඇස් දෙක තමා යීබොව සතුටු කරෙ..
අපිලිවෙල ඇදුම් , ඒවා වැරහිලි වගෙ , අනිත් අය බලනකොට ලැජ්ජාවෙන් ඔලුව නමා ගත්ත විදිහ යීබොට එයාගෙ ඇස් ඉස්සරහා මැවිලා පෙන්න පටන් ගත්තා.

ඉස්සර අදින ඇදුමක එක ඉරක් නොතියෙන්න පිරිසිදුවට පිලිවෙලට ඇදුම් ඇන්ද, දන්න කියන උපරිම ඩීසන්ට් පිට හිටපු ලේසියෙන් කාටවත් ඔලුව නවන්නෙ නැති එ කෙනාට වෙච්චි දේ යිබොට ලොකු ප්‍රශ්නයක් උනා..

යීබෝ යන්න යනකොට ජාන්ලගෙ ප්‍රොපටීස් වලින් බාගෙකටත් වඩා එයාලට පවරා ගත්තා තමා. එ උනත් ජාන්ට හොදින් ජීවත් වෙන්න පුලුවන් තරමෙ දේපල එයාලා සතුව තිබුනා. අනික කොයි ෂියාවො ෆැමිලි එක? එයාල චයිනාවල තව දුරටත් නැහැ.

Dying Embers ( Yizhan ff- Completed )Where stories live. Discover now