Author pov,
කාර් එක ගෙදර මිදුලෙන් නවත්තලා විනාඩි ගානක් යනකනුත් කාර් එකෙන් කිසිම කෙනෙක් බැස්සෙ නැ. එ දෙන්නම හිටියෙ වෙන සිහියකින් .. ජාන්ගෙ කල්පනාව කොහෙදෝ නතර වෙලා තියනකොට යීබොගෙ ඇස් නතර වෙලා තිබුනෙ ඈත බලන් වේදනාවෙන් ඇස් අකුලන් ඉන්න ජාන් ගාව..
" ජ-ජාන් අපි ආවා"
විනාඩි විස්සක් විතරම කෑලි කපන්න පුලුවන් තරමේ නිහැඩියාවක ගිලිලා හිටපු යීබෝ තව දුරටත් එහෙම ඉන්න බැරිකමට එයාගෙ කටහඩ අවදි කරා. දැන්ටමත් හොදටම රෑ වෙලා තිබුනා..
" ඈහ්? ආහ් හ... හරි "
එක පාරටම ගැස්සීලා ගියපු ජාන් සීට් එකෙන් කෙලින් වෙන ගමන් බයෙන් උත්තර දෙනකොට වේදනාවෙන් හුස්මක් පාත දාපු යීබො දොරත් ඇරගෙන එලියට ගිහින් ජාන් බහිනකන් බලන් හිටියා.. කාර් එකෙන් එලියට ආව ජාන් එයා ගාවට නෑවිදින් ටිකක් ඈතින් හිටගෙන ඔහේ ඉන්නකොට යිබො තේරුම් ගත්තා එයා ඉස්සර වෙලා යනකන් ජාන් ඉස්සරහට අඩියක් නොතියන බව. කලින් දවස්වල උනත් ජාන් ගියෙ යීබොගෙ පස්සෙන්..
එයාලා අතර පරතරේ අඩි හයක් විතර වගෙ වෙනකොට යීබෝ හීන් සැරෙ ජාන් එක්ක එකට යන්න එයාගෙ අඩිය හෙමින් තියනකොට ජාන් එ වගෙ දෙගුනක් පස්සට යනකොට යීබෝ තේරුම් ගත්තා ජාන් එයත් එක්ක ආයෙ එකට අඩියක් නොතියන බව..
හිතට වේදනාව කියන දේ ආයෙම දැනෙනකොට ජාන් නිසාම යීබෝ දොරත් ඇරගෙන ගිහින් ඉස්සරහට යන්න ගියත් ඒත් එක්කම නැවතුනෙ මොකක් හරි වැදෙන සද්දෙට...
"ඔ-ඔහ්.. බිත්තියක්"
ඇහෙන නෑහෙන ගානට මිමුනුව ජාන් නලල අත ගාන ගමන් අනිත් අතින් බේබිව තුරුලු කරගෙන ඉස්සරහට එනකොට යීබො ජාන් දිහා බලන් හිටියා.. ජාන් ඉන්නෙ අසිහියෙන් කියන එක යීබොට තේරෙනකොට ජාන් ඇතුලට ඇවිදින් ආයෙම අර වගෙම පරතරේකින් යීබොට පස්සෙන් හිට ගන්නකොට යීබෝට ආයෙමත් බර හුස්මක් ගත්තා. එයා දැනන් හිටියෙ නැ ජාන්ට කතා කරන්නෙ කොහොමද කියලා. ජාන්ව පැනලා බදාගෙන හැමදෙම නැති වෙනකන් සනසන්න හිතුනත් යීබෝට දැනුනා දැන් ඉන්න ජාන්ට එ දේ හරි නොයන බව. ඇරත් යීබොට හයියක් තිබුනෙ නෑ ජාන්ට මූන දෙන්න.
VOCÊ ESTÁ LENDO
Dying Embers ( Yizhan ff- Completed )
Fanficමං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය...