Author pov,එදා ඒ සිද්දිය වෙලා මාස දෙකක් ගෙවිලා යන්න යනකොට එදයින් පස්සෙ ජාන් ටිකක් වෙනස් වෙලා තිබුනා.. ජාන් ටිකක් නිහඩ වෙලා යිබෝව කේන්ති නොගස්සා ඉන්න උත්සාහ කරා..එකට පලවෙනිම දේ එයා බය උනා යීබෝව ඒ රතු වුන ඇස්වලින් ආයෙම දකින්න.. අනික ජාන් උත්සාහ කරන්න පටන් ගත්තා අයෙම යීබෝ එක්ක පියවරක් ඉස්සරහට තියන්න.. ඒ වගේම හස්බන් කෙනෙක් වශයෙන් යීබෝට එයාගෙ අයිතිය දෙන්න..
විතරක්ම නෙමේ කලින් නැවතුන තැනින් පටන් ගන්න... ඒත් ජාන් හිතුව තරම් එයාට ඒක ලේසි උනේ නැහැ. එයාට තෙරුනා තවත් කාලය ඕනි බව.. මොකද එයා හිටියෙ බයෙන්..
රැවටෙන්න බයෙන්...ටික දවසක ඉදන් ජාන් හිටියේ ප්‍රශ්න ගොඩක පැටලිලා.. කොහෙන්වත් ඉවර කර ගන්න තේරෙන්නෙ නැති ප්‍රශ්න එයාට වද දෙන්න පටන් ගන්නකොට ජාන් දැනගෙන හිටියෙ නෑ ඒ ප්‍රශ්නවලට මුහුන දෙන්න ඔනි විදිහක් ගැන.. එයා උත්සාහ කරේ ඒ දේවල් තනියම විසදා ගන්න.. හැබැයි ජාන්ට අමතක උනා ප්‍රශ්න බෙදා හදා ගත්තාම ඒවට ඉක්මනට විසදුම් හොයා ගන්න පුලුවන් බව.. එ විතරක් නෙමෙ සැන්සීමත් ලැබෙන බව එයාට අමතක උනා.
" ෂැල් වී ඩාන්ස් ජාන්"
යීබෝ ලගටම ඇවිදින් එයාගෙන් ඇහුවාම ජාන් පුදුමෙන් යීබෝ දිහා බැලුවෙ ඇසුත් ලොකු කරගෙන.
"හ්ම්"
ජාන්ගේ උත්‍තරෙත් එක්ක ඊලගට පුදුම උනේ යීබෝ.. නටන්න ආරාධනා කරා වුනාවත් යීබෝ හිතුවෙ අදත් එයාට ජාන්ව බලෙන් ඒ වැඩේට කැමති කර ගන්න වෙයි කියලා.. ඒ උනත් ජාන් 'හ්ම්' කීවම යිබෝ පුදුම උනාත් ඊලගට යීබෝගෙ මූනෙ මැවුනේ ඉදලා හිටලා විතරක් ඒ මූනෙ මතුවෙන ලස්සනම ලස්සන හිනාවක්.. යීබෝගේ මූනේ හිනාව දකිනකොට ජාන්ටත් නොදැනිම මද සිනහවක් නැගෙනකොට ජාන්ගේ අත අල්ල ගත්ත යීබෝ ජාන් එක්ක ගිහින් කට්ටිය නටන තලේ මැද්දෙන් හිටගෙන ජාන්ගෙ සිහින් ඉන ගාවින් අල්ලගෙන තාලෙට පැද්දෙන්න පටන් ගත්තා...
අද යීබෝලගෙ කම්පෙනි එකේ තිබුන පාටි එකට යීබෝ වගේම ජානුත් සම්බන්ධ උනේ කම්පෙනි එකේ අනාගතේ ඒ දෙන්නා නිසා.. රටේම පිලි ගන්න පුලුවන් විදිහේ හැම ව්‍යාපාරිකයෙක්ම ඇවිදින් හිටපු ඒ පාටි එක සැලකිය යුතු මට්ටමේ උසස් විදිහට හැමදේම ලෑස්ති කරල තිබුනා. ඒ ටිකේම යීබෝ දවසම මහන්සි උනේ මේ පාටි එකේ වැඩේට..
YOU ARE READING
Dying Embers ( Yizhan ff- Completed )
Fanfictionමං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය...