🎭 13 Chapter 🎭

1.1K 229 54
                                    


Author pov,

         දවස ගෙවිලා ගිහින් හවස් වෙලා තියනකොට ලොකු අමාරුවක් නොතිබුන නිසා ජාන් වගෙම බේබිගෙත් ටිකට් කපනකොට ජාන් බෙබිට ඇදුම් අන්දන ගමන් යිබෝ එයාට ගෙනත් තිබුන අලුත්ම ඇදුම ඇදගත්තෙ හිතට මදිකම කියන දේ තදින්ම දැනෙනකොට .. එයාට අවුරුදු දෙකකට විතර පස්සෙ අලුත් ඇදුමක් අදින්න ලැබුනෙ..

" ජාන් ලෑස්තිද? එන්න යන්න "

යීබො කාමරේට එනකොට ජාන් ලෑස්ති වෙලා බේබිව හුරතල් කරන ගමන් හිටියා.. යීබෝ යන් කියලා කියනකොට ජාන් පුදුමෙන් බැලුවෙ යිබො දිහා.. එන්න යන්න? එයත් එක්ක යන්න?

මොන වගෙ විහිලුවක්ද ඒ? නැ ඒක විහිලුවක් නෙමෙ කියන්න යීබෝගෙ ඇස්වලින් තේරෙනකොට ජාන් හුස්මක් පාත දැම්මා. ජාන් දන්නවා මෙතනින් එලියට බැස්සාම එයාට යන්න දිහාවක් නැ කියලා. එ උනාත් එයාට බැ තව දුරටත් යීබෝ ගාවට යන්න. එ දෙන්නා තව දුරටත් එයාලට අයිති නැ. යීබෝ එයාට අනුකම්පා කරලා එදා රෑ එයාලට ඒ ගෙදරට එන්න දුන්නත් ඒක එයා එ වෙලාවෙ කරෙ වෙන කරන්න දෙයක් නොතිබුන නිසා කියලා ජාන් හොදටම දන්නවා. ඒත් ඇත්තටම එහෙමද?නෑ ජාන් ඒ ගැන දැනන් හිටියේ නැ. අනික ජාන් කොහොමද ආයේ හිත හදාගෙන යිබෝ ගාව ඉන්නෙ? යිබො කියන්නෙ තව දුරටත් එයාට අයිති කෙනෙක් නෙමෙයි!

"සර්"

" ජා..න්!"

ජාන් ආයෙම යිබෝට 'සර්' කියලා කතා කරන පමාවට යිබො හයියෙන් ගිගිරුවෙ ඒ ගැන කේන්තියෙ. එයා ටිකක්වත් කැමති උනෙ නැ ජාන් එයාට එහෙම කතා කරනවට. එ හැසිරීම යිබොට පිස්සුවක් වගෙ..

" මම යන්න ඔනි දැන්. ස්තූතියි කරපු උදව්වට. එ වගෙම ඊයෙ වෙච්චි දේට සමාවෙන්න .. කරදරයක් උනාට සමාවෙන්න "

ජාන් යීබොගෙ පැත්තට හැරිලා සමාව අරගෙන බේබි දිහාට හැරුනත් එයා වේගෙන් ඇදිලා ගිහින් නතර වුනෙ යීබොගෙ පපුවෙ වැදිලා..

"තමුසෙට පිස්සුද? හැටිද? යන්නවත් දිහාවක් තියනවද ඔය දැන් යන්න හදන්නෙ? හිගන්නෙක් වගෙ ඉදගෙනද තවත් පන්ඩිතකම් පාන්නෙ ආහ්?"

යීබොගෙ කේන්තියෙන් පිරුනු වචනවලට හැම වෙලේම වගෙ හිත රිදුනත් අමුතුවෙන් ලොකුවට එ වෙනුවෙන් වැලපෙන්න දෙයක් නොවුන ජාන් එයාගෙ පිටත පෙනුම සන්සුන් කර ගත්තා.. එයා යීබෝ දිහාට හැරිලා එයාගෙ හිර වෙලා තිබුන අත යිබොගෙන් නිදහාස් කරගෙන යිබොට කෙලින්ම හිටගෙන එ ඇස් දිහා ඔලුව උස්සලා බැලුවා. කොයි තරම් නම් කලෙකින්ද එයා ඒ ඇස් දිහා කෙලින් බැලුවෙ?

Dying Embers ( Yizhan ff- Completed )حيث تعيش القصص. اكتشف الآن