Author pov,ලගම තිබුනු පාරෙන් ප්‍රධාන පාර ගාවට එන්න විනාඩි තිහක් විතර ගියපු ජාන් එතනට ටිකක් ඈතින් තිබුන බස් ටර්මිනල් එක ඇතුලට ගිහින් එයාගෙ බැග් ඔක්කොම ටික එකෙ දිග බංකුවෙ එක කොනකින් තියලා අනිත් කොනේ බේබිවත් වඩාගෙනම වාඩි උනා.
ජාන්ට හිතුනෙ මැරිලා යන්න. වේදනා දෙන උරපතු වගේම වෙවුලන කකුල් දෙක උඩට පහලට කරලා උඩට අරගෙන ග්ලාස් එකට හේත්තු කර ගත්ත ජාන් දරුවව එයාට තුරුලු කරගත්තෙ එන්න එන්න එලියෙ පරිසරයේ තිබුන සීතල වැඩි උන නිසා. එ උනත් එයාට සීතලට ආවරනයක් හැමදාමත් වගෙ නොතිබුනෙ එයා ලග ඇදුම් තුනක් විතරක් තිබුන නිසා. බේබිගෙ පැනල් කුඩා නිසා අතක්වත් වහ ගන්න තරම් ජාන්ට එවගෙන් බැරි උනා. ඇරත් බේබිගෙ එවා නාස්ති කරලා බැනෙ..
" ම-මා කුක්කු"
තාමත් හීන් ඉකියක හිටපු බේබි එයාගෙ මමාගෙන් කුක්කු ඉල්ලනකොට ජාන් එයාගෙ දරුවා දිහා බැලුවෙ හරිම අසරනකමෙන්..
"මමා කුක්කු බොමු මැනික.."
වැඩට ගිහින් ඇදුමක්වත් මාරු කර ගන්න බැරි උන ජාන් ඇදන් හිටපු ලොකු ටීෂර්ට් එකෙ බට්න් නැති නිසාම එක සම්පුර්ණයෙන් උස්සලා බේබිව ඇතුලට කරලා තියාගෙන ආයෙම ටී එක පහත් කරේ බේබිට හුස්ම ගන්න පහසු විදිහට තරමක් විවර වෙලා තියනකොට....
එක දෙක මතු වෙලා තියන කිරි දත් ටික එ තනපුඩුවල වදිනකොට වේදනාවක් දැනුනත් තොල හපා ගත්‍ත ජාන් එයාගෙ ඇතුලට බැහැපු බඩ අතගෑවෙ එකෙන් සද්දයක් ආව නිසා. එයාට බඩගිනී. උදේ පාන්දරම බිපු සුප් එකෙන් පස්සෙ එයා මෙ වෙනකන් මුකුත් ම කාල තිබුනෙ නැ. කන්න ගත්ත කෑම එකෙත් වැලි ගැවිලා.
"මමාට බඩගිනි බේබි.. මමා කෑවෙ නැතොත් බේබිටත් බඩගින්නෙ ඉන්න වෙයි නේද? මමාට බේබිට දෙන්න කිරි නැති වෙනවනෙ... "
බෑග් එකේ තිබුන වැළි ගෑවුන ෆිෂ් කේක් ටික අතට ගත්ත ජාන් ඒ දිහා බලන් හිටියෙ හිස් හැගීමෙන්. එයාට හොදටම බඩගිනි.. අනික එයා නොකා ඉන්නවා කියන්නෙ බේබිට කිරි එරෙන්නෙත් නැ .. ජාන් කොහොමත් බඩ පිරෙන්න කෑමක්වත්, බේබිට ඔනි නිසා ගුණ කෑමවත් කාපු කෙනෙක් නෙමෙ.. මොකද ඒවට වියදම් කරන්න තරම් සල්ලියක් ජාන් ගාව තිබුනෙ නැ. ඉතින් රබර් කෑල්ලක් උනත් කන එක ජාන්ට වැදගත් උනා. මොකද අනිත් අය වගෙ එයාට එයාගෙ දරුවට දෙන්න පෝෂදායී දෙයක් තිබුනෙ නැ එයාගෙන් එන කිරි ටික ඇරෙන්න. ඒකත් ඉදහිට නතර වෙන අවස්ථා තිබුනෙ නැතිවාම නෙමෙ. එයාට කන්න මගැරුන දවස්වලට, එදාට බේබිත් බඩගින්නෙ.. කිරි එරෙන්නත් එයාට කෑමක් තියෙන්න එපැයි.
![](https://img.wattpad.com/cover/327774277-288-k493877.jpg)
ŞİMDİ OKUDUĞUN
Dying Embers ( Yizhan ff- Completed )
Hayran Kurguමං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය...