🎭 02 Chapter 🎭

1.4K 249 25
                                    


Author pov,

'Flash back'

" ආහ්... යූ ෆකර්...."

" ඉෆ් යූ ලයික් බේබි.. "

" ඉඩියට්"

       ඇස් මානේ ක්ලාස් හෝල් එක තියනවා දැකපු ජාන් හරිම ආසාවෙන් ඉස්සරහට යන්න ගියෙ ඊලගට එයා ආසම ක්ලාස් එක තියන නිසා.. ආර්ට් ක්ලාස් එක.. ජාන් ආසම උනේ චිත්‍ර අදින්න. එයා කිසිම වෙලාවක ඒ පීරියස් එක නම් කට් කරන්නෙ නැ.

ආසාවෙන් උඩ පැනගෙන ඒ හෝල් එකට යන්න ආවා උනත් ජාන්ට එක පාරටම සිද්ද උනේ නොසිතපු විදිහට ලමයි ගොඩක් ඉන්න තැනක කොරිඩෝවෙ මැද්දෙම වැටෙන්න.. හැබැයි එයා වැටුනා නෙමෙ වැට්ටුවා...

"ආහ්.. වැටුන නිසා  අත දෙන්නම්කො. කෝ ඉතින් නැගිටින්න"

" නැ මට තමුසෙගෙ උදව් ඔනි නැ."

ජාන්ට කකුල් මාට්ටුවක් දාපු කෙනා කින්ඩියට වගේ හිනා වෙලා තාමත් බිම වැටිලා ඉන්න ජාන්ට අත දුන්නත් ජාන් කරේ කේන්තියෙන් ඒ අතට එකක් ගහලා නැගිටින එක විතරයි ..

" හ්ම්... පවු හැබැයි. තුවාලයක් උනේ නෑනෙ? ආ බන් මේ බලහන් මේ අලුත් ජීවිතේ ඉස්කෝලෙ ඇවිදින් දවස් කීයද? ඒ උනාට දැක්ක තැන මොකක් හරි දෙයක් කරගෙන"

" ඔනි නැති දේවල් කරාම එහෙම වෙනවා තමා හැබැයි "

" ඔහ්.. හෝ.. බලන්නකො මේ මූන රතු වෙන විදිහ.. ඇයි මොකෝ කේන්ති ගන්නෙ ආහ්?"

ජාන් නැගිටල එතන හිටපු ඒ කෙනා දිහා කේන්තියෙන් බලනකොට ඒ කෙනා තාමත් කරේ ජාන්ට එයාගෙ යාලුවො එක්ක එක එක දෙවල් කියපු එක විතරයි . එයලට ජාන්ව සෙල්ලමක් විතරයි .. දැන් සතියක් තිස්සෙ එයාලා ජාන්ට නොසෑහෙන්න දේවල් කරනවා.. ජාන් ඒ දේවල් ඉවසගෙන ඉන්නෙ එයාට කොහොමත්ම රන්ඩු වෙන්න බැරි නිසා නෙමෙයි. ඒ එයාට නිකන් බොරු රන්ඩුවක් දාගෙන සැනසීම නැති කර ගන්න ඔනි නැති නිසා. හැබැයි එයාගෙත් ඉවසීමේ සීමාවක් තියනවා..

" ආහ්.. "

" තමුසෙ... තමුසෙ කොහොමද මට ගැහුවෙ ආහ්? තමුසෙට මම.."

" කට...! වැන්ග් යීබෝ.... ඕක තමුසෙ මේ ටිකේම මට කරපු දේවල්වලට. මෙක මතක තියා ගන්නවා කටවහගෙන හිටියෙ තමුසෙට බය නිසා නෙමෙ. ඔහේල වගෙ කුනුගොඩවල් අවුස්ස ගන්න ඔනි නැති නිසා. හැබැයි මතක තියා ගන්නවා ආයෙ මන් දිහා හැරිලාවත් බලන්නත් එපා. මොකද මට තමුසෙව පේන්නවත් බැ. ආයෙ මොනා හරි කරගෙන ආවොත් තමුසෙට ඔයිට වඩා දෙයක් මන් කරනවා.."

Dying Embers ( Yizhan ff- Completed )Where stories live. Discover now