🎭 28 Chapter 🎭

1.7K 232 27
                                    

Author pov,

    එදා රෑ ඒ දේ උනාට පස්සෙ ජාන් ටිකෙන් ටික කල්පනා කරන්න ගත්තා.. යීබොගෙ පපා ජාන්ට කීවෙ ෂියාවෝ ෆැමිලි එකේ බිස්නස් වල විස්තර ගෙනත් දෙන්න කියල . යීබොව ඉත්තෙක් කරගෙන යීබෝගෙ පපා ජාන්ව ප්‍රෙශර් කරනකොට ජාන් එයාව මගාරින්න ගත්තා..

ජාන්ට ඔනි උනේ නැ පවුල් දෙකට මැදි වෙලා එයා ගෙවන ජීවිතේ තව දුරටත් ඉදිරියට අරගෙන යන්න.. ජාන්ට සැනසීමක් ඕනි උනා.. ඊටත් වඩා යීබොගෙ ආදරේ ඔනිවටත් වඩා දැනෙනකොට ජාන් තීරනේ කරා තව දුරටත් යීබොව මගාරින්නෙ නැතුව ඉන්න.. යීබෝ ඉල්ලන සතුට එයාට දෙන්න. ජාන්ගෙ හිත ඉල්ලන සතුට ලබා ගන්න ජාන් තීරනේ කරා...

ඉතින් ඒ දෙන්නා විවාහ වෙලා මාස හතක් ගෙවෙන තැන එදා රෑ ජාන් යීබොගේම උනේ හිත සතුටින් පිරිලා ඉතිරිලා යන්න යනකොට. මීට කාලෙකට කලින් හීන මැව්ව විදිහට ජාන් යීබොගෙ උනා.  ජාන් හිතුවා එතනින් එහාට එන ප්‍රශ්නවලට ඔනිවට වඩා හිතන්න යන්නෙ නැ කියල. මොකද ජාන් හොදින්ම දැනන් හිටියා යීබෝ එයාගෙ අල්ල ගත්ත අත අතාරින්නෙ නැහැ කියලා. ජාන් ඒ තීරනෙ ගත්තෙ යීබොගෙ ආදරේ ඒ කාලෙදි ඕනිවටත් වඩා දැනුන නිසා. යීබොගෙ ආදරේ ජාන්ගෙ හිතේ තිබුන බය නැති කරා...

ජාන් හිතුවා යීබෝ එයාට ඇත්තටම ආදරෙයි කියල.. ඒක ඇත්ත .. යීබෝ ජාන්ට ඒ කාලෙදිත් පන වගේ ආදරේ කරා .. එහෙම නොකර කොහොමද ? ජාන් කියන්නෙ යීබෝගෙ පන.. හැබැයි ජාන්ට ඒ ආදරේ අස්සෙ රැවටීම කියන වචනෙ අමතක වෙලා ගියා. ආදරේ කරද්දි උනත් රවට්ටන්න පුලුවන් කියන දේ ජාන්ට අමතක උනා..

යීබොලාගෙ බිස්නස් ප්‍රශ්නෙදි උනත් ජාන් දෙපාරක් නොහිතා යීබෝ වෙනුවෙන් ඒ ශෙයාස් ටික යීබොට දුන්නේ යීබොව විශ්වාස කරපු නිසා.. හැබැයි ජාන්ට අමතක උනා.. යීබොත් ඊට අවුරුදු ගානකට කලින් ජාන්ව විශ්වාස කරලා දුක් වින්ද බව.. ජාන් යීබොව ඇතෑරිය හේතුව මොකක් උනත් යීබො ඒ හේතුව නිසා රැවටීම කියන හැගීම වින්දා.. ඔනිවටත් වඩා වේදනා වින්දා.. එදා ජාන් හැමෝම වෙනුවෙන් ඒ  දුක දරාගෙන වේදනා වින්දට ඒ ප්‍රතික්ෂේප වීම යීබෝට දරා ගන්න පුලුවන් උනේ නැ..

කොහොම උනත් එදා එයලගෙ ඇනිවසරි එක දවසෙ ජාන් එයාගෙ පපාගෙන් ජීවිතේ කිසිම දවසක නැති තරම් දේවල් අහ ගත්තා. එයා ප්‍රෙශර් උනා.. ඒත් ඒ ටිකේම ජාන්ගෙ හිතේ එයාලගෙ පවුල ගැන තිබුන හැගීම ජාන්ට ඒ පීඩනේ දරා ගන්න හයියක් උනා..  ජාන්ට දැනුනා එයලගෙ දරුවා එයා ගාවට ඇවිදින් කියන්න.. යීබෝ මවපු හීන එයා දුන්න දුක නැති කරන්න පුලුවන් වෙන එකට ජාන් සතුටෙන් හිටියෙ...

Dying Embers ( Yizhan ff- Completed )Where stories live. Discover now