🎭 Epilogue 🎭

2.4K 271 117
                                    

Five years later,

Wang yibo pov,

" ම්ම්... ආහ් ...ම්...අනේ එපා.. ආහ් රිදෙනවා...අනේහ්... ම්....."

"එ-එපා.. ආහ්..."

" ජාන්... මැණික..නැගිටින්න ...බනී... "

" ආහ්..අනේ...ප්ලීස්...එපා.. යීබෝ..අනේහ්.."

" මේ මන් බනී...මන් ඉන්නවා..මන් ලගම ඉන්නවා.. කෝ නැගිටින්නකො.. බනී.."

වෙනදා වගේම අදත් ජාන් හීනෙන් කෑගහන්න පටන් ගන්නකොට මන් එයා ලගම ඉදගෙන එයාව ඇහැරවන්න මහන්සි උනා.. මූන පුරාම දාඩිය දාලා තියනකොට හීනෙන් උනත් එයා වෙවුලන්න පටන් ගන්නකොට එදා එයා කොයි තරම් වේදනාවක් විදින්න ඇති ද කියලා මට දැනෙන්න පටන් ගත්තා. එදා එයාට මාව කොයි තරම් ඕනි වෙන්න ඇතිද කියන දේ මට ආයෙ ආයෙම තේරෙන්න පටන් ගත්තා...

" බනී.. හෙමීන් හොද හුස්මක් ගන්න.. කෝ මන් ලගම ඉන්නවා... කොහෙවත් ගිහින් නැ.. මන් ඔයා ලගමයි."

බනීව ඇහැරවා ගත්ත මන් එයාව මගෙ පපුවට තුරුලු කර ගන්නකොට එයා එයාගෙ මූන මගෙ බඩේ හන්ගා ගත්තා.. එයාව වෙවුලනවා.. මේ ගෙවුන අවුරුදු පහ පුරාවටම ජාන් මෙහෙමමයි. හැම රෑකම එයා මේ විදිහටම හීනෙන් බය වෙනකොට එයා ලගටම වෙලා හිටියත් මන් දැනන් හිටියෙ නැ ඒ වේදනාව නැති කරන්න විදිහක්. මට පුලුවන් උනේ එයාව සනසන්න විතරයි...

" යි-යිබෝ..."

"ම්ම්.. කියන්න බනී"

"ම-මන් ටිකක් එලියට ගිහින් යන්නද?"

" හ්ම්.... "

මගේ තුරුලට වෙලා හිටපු ජාන් එලියට යන්න අහනකොට මන් එයාට මුකුත්ම නොකියා එකට ඉඩ දුන්නා.. එයා ඇදන් හිටපු දුහුල් ඇදුම පිටින්ම ඇදෙන් නැගිටලා යන්න යන දිහා බලාගෙන හිටපු මමත් එහෙමම නැගිටලා එයා යන දිහා බලාන හිටියා..

ජාන් පහල දොරෙන් නොපෙනී යන්න යනකොට අදත් එයා යන්න ඇත්තේ වෙනදා තැනමයි කියලා හිතපු මම අපේ කාමරෙත් එක්කම තිබුන අනිත් කාමරේ දොරත් ඇරගෙන ඇතුලට ගියා..

අඩ අදුරේ තිබුන කාමරෙන් මන් දැක්කා ඩුවට් එක අස්සෙ සැපට ගුලි උන අපේ බේබි.., මගේ කොල්ලා සනීපන් නින්දක ඉන්නවා.. ඇද ලගටම ගියපු මන් යන්තම් මූන විතරක් පේනකොට ඒ මූන දිහ බලන් හිටියෙ හරිම ආසාවෙන් .. මගෙ දරුවා.. සිනිදු හිසකෙස් අතරින් හීන් සැරේම මගේ අතැගිලි අරගෙන ගියපු මන් පහත් වෙලා ඒ නලල සිඹ ගත්තා...

Dying Embers ( Yizhan ff- Completed )Where stories live. Discover now