🎭 26 Chapter 🎭

1.4K 230 31
                                    

Author pov,

" ම-මට ස- සල්ලි ඕනි උනා.."

" ජාන්!"

ජාන්ට දැනුනා එයාගෙ ඉන වටේට තිබුන ඒ සුපුරුදු උනුසුම් අත් දෙක ලිහිල් වෙලා යනවා.. ඒ දේ එයා කලින් බලාපොරොත්තු උන නිසාම එ අත් අතරින් ඈත් උන ජාන් යීබෝව පාස් කරනකොට යීබෝ එයාට ඇහුන දේ දරා ගන්න බැරුව හයියෙන් කෑගැහුවා උනත් ජාන් එයා කරන්න යන දේ කරන්න හිතා ගත්ත.. යීබෝ තාමත් ගල් ගැහිලා වගෙ එය දිහා බලන් ඉන්නකොට ජාන් ගිහින් ඇද උඩ තිබුන ලිපි ටික අතට අර ගත්තා.. එ කවරෙ ඇතුලෙ තිබුන පෑනෙන්ම ඒ කොලවල මොන මොනවදෝ කුරුටු ගෑව ජාන් හොද හුස්මක් අරගෙන ඇවිදන් ගියෙ යීබෝ ලගට..

තාමත් එක හැගීමක් හරියට පැහැදිලි නැති මූනකින් යීබෝ ජාන් දිහාම බලන් ඉන්නකොට යීබොගෙ පාතට එල්ලුන අතක් ජාන් එයාගෙ අතකට අරගෙන ඒ ෆයිල් එක යීබොගෙ අතින් තිබ්බා.

" අපේ දරුවගෙ අයිතිය.. ඔයාට ඔනි වුනු විදිහට මම එවාට සයින් කරා"

ජාන් කම්මුල් දිගෙ ගලන කදුළුවලට ඔහේ ගලන්න ඉඩ දිලා වෙවුලන කටහඩින් කියලා ආපස්සට හැරිලා ඇවිදින් බේබිගෙ ලගින්ම එක පැත්තකින් වාඩි වෙනකොට යීබෝ පියවි සිහියට ආවා..

" සල්ලි ? ඇයි ඇයි එහෙම ?
"

යිබො කලබලෙන් ආයෙම අහගෙන එයගෙ අතේ තිබුන ෆයිල් එක ගනන් නොගෙනම පැත්තකට දාලා ඇවිදින් ජාන්ට පැත්තකින් හිටගත්තා උනත් ජාන් එයාට උත්තරයක් නොදී බේබි දිහා බලන් හිටියෙ හරිම වේදනාවෙන්.

යීබෝ හිටියෙ තාමත් එ කියපු දේ විශ්වාස කර ගන්න බැරුව.. ජාන් ගැන දැන් දැන් දැන ගන්න දේවල් දරා ගන්න බැරි බවක් යීබොගෙ ඇස්වල වගෙම මූනෙ හොදටම ලියවිලා තිබුනා..

" ඇයි ජාන් සල්ලිවලට එහෙම දෙයක් කරෙ? ඒ තරමටම ජාන්ට සල්ලි ඔනි උනාද? මොකක්ද එවගේ දෙයක් කරන්න තරම් උනේ? ජාන් කොහොම ඒ තරම් මෝඩ උනෙ එ වගෙ දෙයක් කරන්න සල්ලි වෙනුවෙන්?' යීබෝගෙ හිතේ දහසක් ප්‍රශ්න නැගුනත් එයාට එකට උත්තරයක් ජාන්ගෙ කටින් ලැබුනෙ නැ.. එයා කොයි තරම් කලබල උනත් යීබෝට එ ප්‍රශ්නවලට ඉක්මන් උත්තරයක් ලැබුනෙ නැ. යීබෝගෙ හිත තව තවත් කළබල වෙනකොට එයා බලන් හිටියෙ ජාන්ගෙ කම්මුල දිගේ කඩන් වැටෙන කදුළු දිහා.

Dying Embers ( Yizhan ff- Completed )Kde žijí příběhy. Začni objevovat