Author pov," අහම් අහම්.."
යීබෝ ලගට යනකන්ම ජාන් යීබොව දැක්කෙ නැ..
" මෙවා කන්න. බඩගිනි ඇතිනෙ"
ජාන් යීබෝ දිහා පුදුමෙන් බලනකොට තප්පර ගානක් ජාන් දිහාම බලන් හිටපු යීබෝ එයාගෙ රාමෙන් එක අරගෙන ජාන්ට ටිකක් එහායින් වාඩි උනේ අතපය හතර හොදට දිගෑරගෙන වාඩි වෙන ගමන්.
එත් එක්කම ජාන් කූඹි කකුල් වලින් ටිකක් එහාට උනෙ හරියට කිසිම දවසක දැකලා නැති කෙනෙක් ලගින් වාඩි උනා වගෙ.
" නිවෙන්න කලින් කන්න"
යීබෝ ආයෙමත් එහෙම කියලා කන්න ගන්නකොට ජාන් ඉස්සිලා බැලුවෙ මොනවද කන්න තියෙන්නෙ කියලා. රාමෙන් එක දැකපු ජාන්ගෙ මූනට පේන නොපෙනෙන හිනාවක් එනකොට යිබොගේ හිතෙත් චූටි සතුටක් ඇති උනා . එත් එක බලලා අයෙම කොපි එක දිහා බලපු ජාන් එකත් මුන බෙරි කර ගත්තෙ බඩෙ සද්දෙ ටිකක් පිටට ඇහෙන තරමට සද්දයක් දානකොට ..
වෙන කරන්න දෙයක් නැතිකමට බඩගිනිත් වැඩි නිසාම ආසම දෙයක් උනත් එ දෙකම අහක දාපු ජාන් යිබො ගෙනාව බිස්කට් එකෙන් බිස්කට් දෙකක් එක්ක වතුර වීදුරුව අතට ගත්තෙ යීබො කකා හිටපු එකත් ආපිටට ප්ලේට් එකට වැටෙනකොට . එයා ආසාවෙන් එවා හැදුවෙ ජාන් ආස නිසාමයි. එ උනාවත් 'මන් හදපු එක කන්න බැරි තරම් මුගෙ ගෑස්ද?'
" ඇයි දැන් තමුසෙට මන් හදපුවා කන්නත් බැරිද? මොන විකාරයක්ද මේ?"
යීබො එක පාරටම හයියෙන් කෑගහලා එයා කකා හිටපු ප්ලේට් එක මේසෙ උඩින් සද්දෙට තියනකොට ගැස්සිලා ගියපු ජාන් ඇසුත් ලොකු කරගෙන යිබො දිහා බැලුවෙ අතේ තිබුන බිස්කට් එක එහෙමම බිමට වැටෙද්දි ..
"තියපන් ඕකත් මමනෙ ගෙනාවෙ. කන්න එපා එකක්වත් පලයන් යන්න කාමරේට.. ඔක්කොම ඉවසගෙන ගෙදර ගෙනල්ලා උබෙ රැසුත් තව බලන්න ඔනි.. මොක නැතත් එක නම් තියනවා මහ මූහුද වගෙ.."
යිබො හයියෙන් කෑගහනකොට ඉබේම නැගිටුන ජාන්ගෙ ඇස් එක පාරටම දවසෙම නැති විදිහට කදුලින් පිරිලා ගියෙ හිතට දැනුන පුන්චිම සැනසීමත් නැති වෙලාම යනකොට .. වතුර වීදුරුව පැත්තකින් තිබ්බ ජාන් අඩියක් පස්සට තිබ්බෙ තව දුරටත් යීබොගෙන් අතුල් පාරක් කන්න තරම් ඇගට හයියක් නොතිබුන නිසා...
YOU ARE READING
Dying Embers ( Yizhan ff- Completed )
Fanfictionමං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය...