episode 8

44 11 20
                                    

Jin ගෙදරට ආව mood එකෙන්ම කට්ටියන්ට තේරැනා මොකක් හරි දෙයක් වෙලා කියලා.

Nj:jin..????

Jin:පස්සෙ කියන්නම් namjoon-ah..උණුවතුර එකක් ලෑස්ති කරන්න හීටරේ පුපුවන්නෙ නැතිව..

ඒත් එක්කම පස් දෙනාම මොකුත් නොකිය තමන්ගෙ කාමරවලට ආවෙ කාගෙවත මූනු බලන්නෙ නැතිව.jin ,beomgyu ව විතරක් අරන් එන්නැතුව අනිත් හතරත් එක්කන් ආවෙ beomgyu නිසා එයාලත් රණ්ඩුවේ යනන ඕන නැති නිසා.yeonjun කාමරේට වෙලා මොකුත් නොකර හිටියෙ කාටවත් කතා කරන්න ඕන කියලා දැනුනෙ නැති නිසා..yeonjun කොහොමටවත් කැමති නෑ එයාගෙ මල්ලිලා පස් දෙනාට කරදරයක් වෙනවට.හැමදාම yeonjun එයාලව බලාගත්තත් අද වුනු දේත් එක්ක yeonjun ගෙ හිතට පසුතැවිල්ලක් දැනෙන්න ගත්තා.

Jin:රිදෙනවද...

BG:ම්..හම්...

Jin:හම්..ඒක හරියාවි..

BG:ඇගේ වෙන තුවාල හරි ගියාට ඇයි hyung හිතේ වෙන තුවාල සනීප වෙන්නැත්තෙ...

Beomgyu ඔලුවත් පහත් කරන් ඇහුවා.

Jin:ඒ තුවාල පෑරෙන්න නොදී අපිමයි ඒ දේවල් පරිස්සම් කරගන්න ඕන beomgyu..පෑරැනු තුවාලයක් වුනත් හොද වෙන්න කල් ගත වෙනවා..ඒ තුවාලෙ තව තවත් පෑරෙන්න පෑරෙන්න වේදනාව වැඩියි..ඒ වගේමයි අපේ හිතත්...අපි කරන්න ඕන අපේ තුවාල වලට බෙහෙත් දාගන්න එක මිසක් තවත් පාරගන්න එක නෙවේ...

BG:ඒත් hyung..
Soha...

Jin:වෙන කෙනෙකුගෙ තුවාලක් හොදකරන්නත් අපිට ඒ දේමයි කරන්න තියෙන්නෙ beomgyu...

BG:එයා කවදාවත් වෙනස් වෙන්නෑ hyung..එයා වෙනස් වෙලා ඉවරයි..මන් ඉස්සර දැකපු මගෙ හොදම යාලුවා දැන් වෙන කෙනෙක් වෙලා..එයාට කිසි දෙයක් මට පැහැදිලි කරන්නත් බෑ..මොකද ඌ මන් කියන දේ අහන්නෙත් නෑ..එයා එන්න එන්නම නරක අතට හැරෙනවා hyung..මට ඒ දේ දකිද්දි ලොකු දුකක් දැනෙනවා..ඒත් අද ඒ හැම සීමාවක්ම ඌ පන්නලා දැම්මා..මට ඕන තරම් රිද්දන්න..ඒකට කමක් නෑ..ඒත් එයා මගෙ මල්ලිට රිද්දන් හැදුවා..මේ වතාවෙ එයා මගෙ කෙල්ලටත් රිද්දුවා..ඉතින් මන් තව කොහොම ඉවසන්නද...

තරහත් එක්ක එන beomgyu ගෙ කදුලු jin ගෙ අත දිගේ ගලාගෙන ගියා.ඒත් එක්කම jin ,beomgyu ව hug කරගත්තෙ එයාගෙ දුක හොදින්ම දන්න නිසා..

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now