episode27

20 5 27
                                    


තමන්ගෙ සහෝදරයො දෙන්නගෙන් කනක් ඇහිලා ඉන්න නැති නිසා teahyung තනියම ගෙදරින් එලියට ගියේ ලොකූ හුස්මක් අරන් පිට කරනගමන්.ඒ වෙලාවෙ teahyung පිටත් වුනේ beach එක පැත්තෙ තිබුනු ඒ තරම් කට්ටය යන නොඑන නැවතූම්පලකට.ඒ වෙද්දි එන්න එන්නම හවස් වේගෙන ඇවිත් තිබුනු නිසා ඉර එළියත් එක්ක මුසු වෙලා තිබුනු අහසෙහි මුහුදෙයි ලස්සන දිහා බලනගමන් teahyung ඉස්සරහට ගියා.වැඩි දුරක්  teahyung ඇත්තටම ඒ වෙලාවෙ යන්න වුනේ නෑ.ඒකට හේතු වුනේ වෙරලෙ වාඩි වෙලා එතන නිදහස විදපු එක්කෙනෙක් නිසා.teahyung හිනාවෙනගමන් එතනට ගියා.

Yura:අන්තිමට හරි ඔයා ආවනෙ..
හම්....

Yura කිව්වෙ teahyung ගෙ පැත්ත නොබලනගමන්. 

TH:මාව එච්චර ඉක්මනින් දැනෙනවද...

Yura:හම්....ඔව්....
ස්තූතියි tea...ඔයා නිසා මන් මගේ ජීවිතේ සතුට විදින්නෙ කාලෙකට පස්සෙ...මට ඒ කාලය හරියට කල්ප ගානක් වගේ...ඒත්..ඒත් මේ හැම සුන්දර මොහොතක්ම..
ඒවා ඉක්මනින් ගත වෙලා යනවා..
ඇයි ඒකට කල්පයක් වෙන්න බැරි....

TH:ඒක ඇත්ත...
ඒත්...මේ ජීවත් වෙන කාලෙ ඔයාව සතුටින් තියන්න පුලුවන් මට yura....

Teahyung කිව්වෙ yura දිහා බලනගමන්.ඒත් එක්කම yura පුදුමයෙන් teahyung දිහා බැලුවා.

TH:අහන්න..
මන් දන්නෙ නෑ yura ඔයාට මාව කොහොම දැනෙනවද කියලා...
ඒත්..ඒත් මට ඕන ඔයාගෙ ජීවිතේ ලස්සන කරවන්න....මට ඕනෙ ඔයාව මගේ කරගන්න...මන් පොරොන්දු වෙනවා ඔයාව ආරක්ෂා කරනවා කියලා...මන් දන්නවා ඔයා කවුරැ මොනා කිව්වත් කොල්ලෙක් ආපහු ඔයාගෙන් ආදරේ ඉල්ලද්දි-....

ඒත් එක්කම yura ,teahyung ගෙ කට තමන්ගෙ අතින් වහනගමන් තමන්ගෙ අත සිප ගත්තෙ teahyung ව මොහොතකට නිශ්ශබ්ද කරවනගමන්.

Yura:ඇත්තමයි ඔයා නම් මහ මෝඩයෙක්......මන් දන්නවා මෝඩයෝ ඔයා මට හුගක් ආදරෙයි කියලා...ඒ වගේම ඔයා මන් වෙනුවෙන් නොකරන දෙයක් නෑ...

Yura හිනාවෙනගමන් කිව්වෙ teahyung ගෙ කටින් තමන්ගෙ අත අයින් කරගන්නගමන්.

TH:ඒ..ඒ..ක..කියන්නෙ...

Yura:ඔව් අනේ...
මන් ඔයාට ආදරෙයි!

ඒ වෙලාවෙ teahyung ට කියාගන්න වචනවත් මතක් වුනේ නැත්තෙ හිතේ ඇති වෙච්ච සතුටට.ඒත් එක්කම teahyung මුහුදු වෙරලට තවත් ඉස්සරහට ගියේ මුහුදු රැල්ලෙන් හොද වතුර පාරවල් ටිකක් නාගන්නගමන්.

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now