episode 21

29 6 5
                                    

Ji woo pov....

Yuvi...කොහෙද ඔයා ඉන්නෙ...
ම්......හැංගිලා ඉන්නැතුව එලියට එන්ඩෝ.....

JK:ඔන්න ආවා....

ගෙදරින් ඇහුන නාදුනන කටහඩත් එක්ක ji woo කලබල වුනා.ඒත් එක්කම  yuvi ගෙ කාමරෙන් එලියට ආවෙ jungkook.ji woo ට ඒ වෙලාවෙ කර කියාගන්න දෙයක් නැති වුනේ තමන්ගෙ plans මාට්ටු වුනා කියන එක තේරැන නිසා.

Ji woo:ඔ..ඔ..ඔයා ක..ක..කවුද...!!!
කොහෙද මගෙ yuvi!!!!!!!

JK:මන් දන්නෙ නෑ yuvi කෙනෙක් ගැන...තමුන් කවුරැ වුනත් තමුසෙගෙ සෙල්ලම් මෙතන ඉවරයි කෙල්ලෙ...

Ji woo:තමුසෙට පිස්සු හැදිලද..!!!
ය..යනවා මගේ ගෙදරින් එලියට!!!!!!!

JK:මේක ඔයාගෙ ගෙදරක් නෙවේනෙ ඉතිම්...

Ji woo:කියනවා මගෙ yuvi ට තමුන් මොනාද කරේ!!!!!
මගෙ අහිංසක නංගි කොහෙද කියනවා!!!!!

Ji woo කේනතියෙන් ඇහුවෙ ඒ ලගින් තිබුන වීදුරැ බෝතලයක් කුඩු කරලා jungkook ට දිගු කරනගමන්.

JK:ඔයා හිතනව නං මාව ඕකෙන් බය කරන්න පුලුවන් කියලා...
ඒක මේ ආත්මෙට සිද්ධ වෙන්නෑ...

Ji woo කේන්තියෙන් jungkook ට ඒ වීදුරැ බෝතලෙන් අනින්න හදද්දි ගෙදර bell එක වැදෙන්න ගත්තා.ji woo ගෙ අවධානය වෙනස් වුනු සැනෙකින්ම jungkook, ji woo ගෙ අත අබරලා ඒ වීදුරැ බෝතලේ අයින් කරන්න උත්සහ කලා.ඒ දේ අයින් කරන්න හදද්දි Jungkook ගෙ අත කැපුනත් jungkook ට ඒ කැඩුනු වීදුරැ බෝතලේ විසි කරන්න පුලුවන් වුනා.ලේ ගලාගෙන යන අතත් එක්ක jungkook කේන්තියෙන් ji woo ව බිත්තියට හේත්තු කරගත්තෙ අත් දෙකම තද කරන්.ji woo කකුලෙන් jungkook ට ගහන්න හැදුවත් ඒ දේ ji woo ට කරගන්න බැරි වුනා.

JK:තමුන්ගෙ සෙල්ලම නවත්තනවා ji woo!!කියනවා...තමුසෙ කවුරැ යටතෙද වැඩ කරන්නෙ...මේ video එක තව කොහාටද යවලා තියෙන්නෙ...!!!
ඇයි තමුන් මෙහෙම කරන්නෙ...!!
කියනවා ඉතිම්!!!!

Jungkook කේනතියෙන් අහගෙන ගියා.ඒ අතරෙ නොනවත්වාම bell එක වැදෙන්න ගත්තා.

Unnie.....
මේ දොර අරින්නකෝ...
ඔයා කොහෙද ඉන්නෙ....unnie....

ඒ ඇහුන පුංචි ලමයගෙ කටහඩත් එක්ක jungkook ගෙ අවදානය වෙනස් වුනා.ඒ පොඩි ලමයා තමන් හිර කරන් ඉන්න කෙල්ලගෙ පවුලෙ කෙනෙක් වෙන්න ඇති කියලා jungkook guess කරා.

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now