01.

343 27 9
                                    





Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



" ගේ මාරෙට තියෙනවා නේ "

ගේට්ටුව ඇරලා තිබුණ නිසා ඇබී ලැගේජ් ටිකත් අරගෙන ගේට්ටුවෙන් ඇතුලට ආවා.. එන ගමන් වටේ ම බල බල එයාගේ අයිවන් හෙව්වා.. මේ ඇබීගෙ අයියා එයාගේ හස්බන්ඩ් එක්ක ඉන්න ගෙදර.. තට්ටු දෙකේ සාමාන්‍ය ගෙදරක්, කලින් ගෙදර තරම් ලොකු නැති උනත් ලස්සනට පිළිවෙලට තියෙනවා, ගෙදර වත්ත දැක්කාම කියන්න පුළුවන්... මිදුලේ කොහෙවත් අයියා පෙන්න හිටියේ නැති නිසා ඇබී ගිහින් කෙලින්ම ගෙදර බෙල් එක ගැහුවා.. විනාඩි දෙකක් විතර ගියාට පස්සේ දොර ඇතුලෙන් ඇරලා පිරිමි ළමයෙක් එලියට ආවා.. ඇබීව දැකපු එයා ඇබී දිහා පුදුමෙන් බලන් හිටියා.. ඇබී ලාවට හිනා වෙලා අත වැනුවා.. එලියට ආව කෙනා දෙපාරක් තුන්පාරක් විතර ඇහි පිල්ලම් ගැහුවා..


" ට්‍රිස්.. හායි "

" මොන මගුලක් ද "  නංගිව දැක්කාම අයියට කියැවුණා

" ඈ මොකක් " ඇබී කිව්වාම ට්‍රිස් ආයමත් ඇබි ළගට ඇවිත් ඇස් ලොකු කරලා බැලුවා

" ඔහොම බලන්න එපා මනුස්සයො බය හිතෙනවා නේ "

" තමුසේ මොනවද ඕයි මෙහෙ කරන්නේ " ට්‍රිස් කෑ ගහල අහද්දි ඇබී,

" මොකක්ද අයියේ.. හරි හරි... මං ගෙදරින් ආවා "

" ගෙදරින් ආවා කිව්වේ " ට්‍රිස් ආයම අහද්දි ඇබි ආයම,


" ගෙදරින් ආවා කියලා කිව්වේ මං ගෙදරින් ආවා කියන එක "

" මොකක්... සිරාවටම... ඒ ඇයි... අහ්හ් මුලින් ඇතුළට එනවකො"
ට්‍රිස් ඇබී එක්ක ඇතුළට ආවා .. ඇබී සොෆා එකෙන් වාඩි උනේ ගේ ඇතුල බල බල.. ට්‍රිස් ගෙ මාරම ලස්සනට තියාගෙන ඉන්නවා

WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now