17.

71 18 9
                                    






" ඈන් කියන්න දෙයක් තියෙනවා "
ජූලි ඇනා එක්ක යන ගමන් නැවතිලා කියද්දී ඇනා වතුර එකක් බොන ගමන් ජූලි දිහාට හැරුණා

" ඈන්.. මං පිරිමි ළමයිට කැමති නෑ "
ජූලි ඇනා දිහා බලලා කිව්වත් ඇනා කලේ හිමීට වතුර බෝතලේ කටේ ගහන් වතුර බොන එක


"ඈන් මං කැමති ගැහැණු ළමයිට "

" ඈන් මං හිතන්නේ මං... මං "

" ඈන් උබට ඇහෙනවද මං කියන එක මං කැමති ගැහැණු ළමයිට "

" ඈන් "

ජූලි කොච්චර කතා කළත් ඇනා ජූලි දිහා ඔහේ බලන් ඉදල වතුර එක බිබීම ඉස්සරහට ගියා.. ජූලි ඇනා වත් පහු කරන් ගිහින් ඇනාගෙ ඉස්සරහින් නවතිද්දි ඇනාත් වතුර බෝතලේ වහලා ජූලි දිහා බැලුවා



" ඇහුණද දැන් මං කියපු එක "

" ඇහුණා ඇහුණා "

" මොකක්ද ඇහුනේ "

" උබ කැමති ගැහැණු ළමයිට කියන එක "

ඇනා ජූලි දිහා බලන් කියද්දී මූනත් එක්ක ඇදේ ගියපු ජූලි


" ඉතින් "

" ඉතින් කියන්නේ "

" ඉතින් උබට ප්‍රශ්නයක් නැද්ද ඒක "


" ප්‍රශ්නයක් තියෙනවා "

" මොකක්ද "


" උබ බැරි වෙලාවත් මට නම් කැමති වෙන්න එපා.. මං දන්නවා මං ලස්සනයි කියලා.. ඒත් එපා.. මං ස්ට්‍රේට් කෙල්ලේ.. ඔයාට මට වැඩිය හොද කෙනෙක් හම්බවෙයි "


ඇනා කොණ්ඩෙත් පිටිපස්සට දාන් ගැම්මෙන් කියද්දී ජූලි හිටියෙ එයා කොයි වෙලේ ද ඇනාට කැමති කියල කිව්වෙ හිතන ගමන්.. ඇනාට රවපු ජූලි



" කොහොමත් උබට වැඩිය හොද කෙනෙක්ව තමයි හොයා ගන්නේ .. අනික උබ වගේ එලොවටත් නැති මෙලොවටත් නැති මෝල් ගහකට කැමති වෙන්න මට මොලේ අමාරුවක් නෑ බං "


" අනේ පලැම් යන්න.. උබ ඔය මොනවා කිව්වත් උබට මේ මං වගේ සුකුමල, නිර්මල, පිවිතුරු, වින්දනීය,  සුජාත ගැහැණු ළමයෙක් හොයාගන්න බැහැ.. අනික මට විතරයි පුළුවන් උබව සිල්වත්, ගුණවත්, කුල්මත්, වල්මත් පොරක් කරලා ගන්න "



WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now