03.

98 21 8
                                    








" මොකක්ද මන්දා.. මේක ඉක්මනට යන්නෙත් නෑ "

හැනා හිටපු බස් එක යන්නේ හරියට ටැක්ටර් එකක් වගේ.. ටික දුරක් යනවා ආය නවතිනවා.. ආය ටික දුරක් යනවා ආය ම නවතිනවා.. ඊටපස්සේ අද්ද අද්ද යනවා.. ඕවට ඉතින් වෙන වෙන ඒවත් මතක් වෙනවා.. බස් එකේ අයිනේ ම ශීට් එකේ වාඩි වෙලා හැනා ඩ්‍රයිවර්ට දෙහි කපනවා


බස් එක කලර් ලයිට් එකේදි නවත්තද්දි ම හැනා ඉන්න පැත්තෙ ජනෙලෙ ගාවින්ම Sport  වර්ගයේ බයික් එකක් ඇවිත් නැවැත්තුවා.. පදින කෙනා හිටියේ ෆුල් ෆේස් හෙල්මට් එකක් දාලා.. හැබැයි මූණ නම් ලාවට වගේ පේනවා.. බයික් එක දැකලා ඒ දිහා බැලුවාම හැනාට එකේ ඉන්න කෙනාව දැකලා පුරුදුයි වගේ.. හැබැයි ඒ කෙනා නම් තවම හැනාව දැක්කේ නෑ එයා හිටියේ ඉස්සරහ බලාගෙන.. ඒත් එක්කම හැනා ඉන්න බස් එක පිටිපස්සෙන් ආව තව වාහනයක් සද්දෙන් හෝන් එක ගැහුවේ හැනාව ගැස්සිලා යද්දී



" මොන පො##යා ද ඒ කන අස්සේ හෝන් ගහන්නේ "  ගැස්සුන පාර හැනාගෙ කටින් කුණුහරපත් කියවුණා.. හැනා වගේම බයික් එකේ ඉන්න කෙනත් එවෙලේ පිටිපස්ස බැලුවා.. හැනා පිටිපස්ස බලලා ඉස්සරහ බලද්දී ඒ කෙනත් පිටිපස්ස බලලා ඉස්සරහ බැලුව.. එයා එයාට පැත්තෙන් හිටපු හැනාව දැක්කේ දැනුයි.. එයා හැනාගෙ පැත්ත බලපු නිසා හැනාට ඒ කව්ද කියලා අදුරගන්න පුළුවන් උනා



" ඇබී "
හැනා කිව්වා


හැනා ඇබීගෙ නම කිව්ව එක තේරුණ ඇබී හෙල්මට් එකේ shield එක උඩට කරලා හැනාට ඇහැක් ගැහුවා


අහ්හ්!
ඇබී  ඇහැක් ගහපු නිසා හැනා ඉක්මනට අහක බලද්දී ඇබී හිනා වෙලා ඉස්සරහා බලාගත්තා..


" මොකක්ද ඒ.. එයා ඒ ඇහැක් ගැහුවා නේද.. මටද ඒ "


සාමාන්‍යයෙන් අපි දිහා කෙනෙක් බලනවා නම්, දිගටම බලනවා නම් අපිට ඒක ලාවට වගේ තේරෙනව.. හැනා ඉස්සරහා බැලුවට සැරින් සැරේ ඇබී දිහා හොරෙන් බැලුවා.. හැනා බලන එක තේරුණ ඇබී ඉස්සරහා බලාගෙන ම හිනා උනා.. රෙඩ් ලයිට් එක වැටෙද්දිම වගේ හැනා හිටපු බස් එක ඉස්සරහට යන්න ගත්ත.. ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් නම් බස් එක ටිකක් හයියෙන් යනවා.. shield එකත් වහගත්ත ඇබී බයික් එකත් ස්ටාර්ට් කරගෙන ඉස්සරහට ආවා



WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now