14.

63 18 8
                                    









2DAYS AGO
MORNING,


උදේ class යන්න ලැහැස්ති වෙන ඇබී දිහා ජෝ බලන් හිටියෙ දුකින්... ජෝ ඇබීට සැලකුවේ තමන්ගේ ම නංගී විදිහට.. මෙහෙම දෙයක් වෙනවා කියලා හිතුවේ නෑ.. ඇබී ට එක දිගට කෝල් එනවා.. ඒ හැම කෝල් එකකම ස්ක්‍රින් එකේ පෙන්නන්නේ  Hannah 💜 කියලා.. ඒත් පලවෙනි කෝල් එක දැක්ක වෙලේ ඉදන් ඇබී පොන් එක දිහා බැලුවේවත් නෑ

එක දිගට කොල් එද්දී කේන්ති ගියපු ඇබී පොන් එක ලගට ගිහින් පොන් එක උස්සලා පොලවෙ ගහන්න හදද්දී ම ජෝ ඇවිත් ඇබීගෙ අතින් පොන් ඇදලා ගත්තා ඇබී ජෝ දිහා බලන් හිටියෙත් කේන්තියෙන්.. ඇබීට නොදැනුවත්වම වෙන කෙනෙක් ගැන තියෙන කේන්තිය අනිත් අයගෙන් පිටවෙනවා... ඇබී ජෝ දිහා බලලා හොද හුස්මක් අරන් බැග් එක අරගත්තා

" මං ගිහින් දාන්නද "

" එපා.. බයික් එක තියෙනවා.. "

" බයික් එකේ යන්න එ..."

" හරි මං පයින් යන්නම් "


ඇබී යන්න ගියත් ජෝ බලෙන් ම ඇබීව බයික් එක ලගට එක්කගෙන ගිහින් හෙල්මට් එක දැම්මා.. ජෝ හෙල්මට් එක දානකන් ඇබී ජෝ දිහාම බලන් හිටියා.. ජෝට බයත් හිතුනා කේන්තියට මොකෙන් හරි දමලා ගැහුවොත් කියන්න බෑ නේ 。⁠◕⁠‿⁠◕⁠。 .. .. ජෝ බයික් එක ස්ටාර්ට් කරද්දී ඇබී පිටිපස්සෙන් නැග්ගා.. මේ දෙන්නා යන දිහා ට්‍රිස් බලාගෙන හිටියේ ආදරෙන්..



Class එක ලගට ආවාම ඇබී බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගලවද්දි ජෝ වතුර බෝතලයක් ඇබීට දුන්නා.. ඇබී ඒක දිහා ඇයි වගේ බලන් ඉද්දී.,

" මූණ හේදුවේ නෑ නේ... ආ... "

හිනා වෙන ජෝ දිහා ඇබී රවලා බලද්දී

" අඩලා කියලා පේනවා.. හෝදගෙන යනවා "







*

*

*

*








පාර්ටි එක නිසා දවස් දෙකක පන්ති නිවාඩුවට පස්සේ හැනා උදෙන්ම ආවෙ ඇබීව බලන්න.. හැනා ගෙ වැඩේම ඇබීට පැය 24ම කෝල් ගන්න එක.. ඒත් ඒ එකක්වත් ඇබී ආන්සර් කරේ නම් නෑ... msg එකකටවත් රිප්ලයි නෑ.. මේ දවස් දෙක ඇතුළත හැනාට තේරුණා එයා ඇබීට ගොඩක් කැමතියි කියලා..


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now