04.

83 23 4
                                    










JOE'S HOME,


" අද මට මෙච්චර වෙලා නින්ද ගියා ද " ට්‍රිස් කල්පනා කර කර කාමරෙන් එලියට ආවා.. living room එකට යන්න ගියත් ට්‍රිස්ට kitchen එක පැත්තෙන් අමුතු සුවදක් එක්ක සද්දයක් ආවා.. ඇබීත් ගෙදර නැති එකේ kitchen එකේ ඉන්නේ කව්ද බලන්න ට්‍රිස් ඒ පැත්තට ගියාම.,



" දෙයියනේ ජෝ.. මොකක්ද මේ කරලා තියෙන්නේ "  kitchen එකේ තැනින් තැන පිටි හැලිලා, එළවලු කපපුවා, භාජන ඇරලා දාලා යන්න.. කොටින් ම ගන්න දෙයක් නැහැ.. මූණෙත් පිටි ගාගෙන ට්‍රිස් දිහා බලන් ඉන්න ජෝව දැකලා ට්‍රිස් ඔළුවට අත තියා ගත්තා


" ට්‍රිස් "  kitchen එක වටේටත් බලලා ට්‍රිස් දිහා බලන ගමන් ජෝ කියද්දී ට්‍රිස්.,


" මොකක්ද මේ.. දෙයියනේ මුළු kitchen  එකම විනාසයි " ට්‍රිස් ටිකක් සැරෙන් වගේ අහද්දි ජෝ බිම බලලා හොරෙන් ට්‍රිස් දිහා බැලුවා.. එවෙලේම ඇබීත් ගෙදර ආවා.. ට්‍රිස්ව හොයාගෙන ආව ඇබී දැක්කේ kitchen එකේ ටොප් බොටම් මාරු වෙලා ඉන්න ට්‍රිස් ජෝ දෙන්නව


" මට බඩගිනියි අනේ.. ඔයත් නිදි නේ ඇබීත් නැ.. ඒකයි උයන්න ගත්තේ " ජෝ අහිංසක විදිහට ට්‍රිස් දිහා බලලා කියනකොට ඇබීට හිනා ගියෙ ජෝ මේ වගේ ඉන්නවා එයා දැකලා නැති නිසා.,


" ඉතින් අනේ මට කතා කරන්න එපැයි.. එහෙම නම් මං ඔයාට මොනවා හරි හදලා දෙනවා නේ "


" හරි හරී.. සොරි ඉතින්.. හිතලා කරේ නැහැ "


" මෙහ්.. මේ මට පොඩ්ඩක් කියනවද මෙතන මොකක් ද වෙන්නේ කියලා.. ජෝ ඔයා විකට ඇඳුම් තරගෙකටවත් යන්නද " ඇබී හිනා වෙලා අහද්දි ට්‍රිස්.,


" ඔයාට මොනවද එයා මොකේට ගියත්.. නිකන් ඕපදූප හොයන්නෙ නැතුව යනවා හලෝ යන්න "

" ඔහ්හ්.. එහෙම බෑ.. අනික.. ජෝ ඔයා ඇයි ඔය විදිහට කතා කරන්නේ.. පොඩ්ඩක් තදට ඉන්නවා.. ඔහොම නම් බෑ "  ඇබී කිව්වේ අද මිට මොලවා උස්සලා ජෝට පෙන්නන ගමන්.. ඒකට නම් ජෝටත් හිනා ගියා.. ඇබී දිහා බලපු ට්‍රිස්.,


" අපි තදට ඉන්නම්.. ඔයා දැන් යන්නකෝ.. "


" මං මොකටද යන්නේ.. මං මේ කතා කරන්නේ ටොප් ආධිපත්‍ය වගේ එකක් ගැන "


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now