20.

66 18 4
                                    






" ජූලි!!! "

ඇබී ජූලිගෙ වැලමිට තදින් අල්ලගද්දි ඒ කේන්තියටත් එක්ක ජූලි හැරුණ ගමන් ඇබීගෙ කම්මුලත් පාරක් ගැහුවේ ඇබීට ජූලි එක්ක තියෙන කේන්තිය දෙගුණ තෙගුණ වෙද්දි .. ඇබී ජූලිට බනින්න හදද්දී ම,



" මොන මගුලක් ද ඕයි.. මට මගේ පාඩුවේ ඉන්න දෙනවකො.. මං නරක කෙනෙක් තමයි ඒත් මං හැම එකාටම කරදර කරන්නේ නෑ.. ඔයාම නේද ඇබී මහලොකුවට කියන්නේ දැන් මං කියන්නම්.. බනිනවා නම් මුලින් මෙතන ඇත්තටම උනේ මොකද්ද කියලා දැනගෙන බනින්න "


ජූලි කෑ ගහද්දි එයාගේ ඇස් වල තිබ්බ බය එක්ක මිශ්‍ර උන ආවේගය ඇබීට පෙනුනා.. ජූලිට පොඩි දේටත් හරි ඉක්මනට කේන්ති යනවා.. ඒ හැම කේන්තියක් ම වෙන අයගෙන් පිට කරාට ඒවා හැම එකක්ම එයාගේ බේබදු තාත්ත නිසා ඇති වෙන දේවල්.. ජූලි එයාගේ ස්ට්‍රෙස් එක පිට කරන්නේ පණ තියෙන ජූලිට මුකුත් කරලා නැති මිනිස්සුන්ගෙන්..ජූලි කේන්තිය පාලනය කරගන්න ඉගෙන ගෙන තියෙන්නේ එහෙමයි


ප්‍රධාන පාර නිසා ලැජ්ජාවට බිමට වැටුණු මනුස්සය නැගිටලා එතනින් ඉක්මනට යන්න ගියෙ අද නැතත් කොහොමහරි තමන්ගේ සල්ලි ටික ගන්න හිතාගෙන.. ජූලිත් ඇබීට කෑ ගහලා එතනින් යන්න හදද්දී ම ඇබී ජූලිගෙ අතින් අල්ලලා,



" මොකක්ද මෙතන උනේ? "


ඇබී හදිස්සි උනාවත් ද.. කෙනෙක්ගෙ හැබැම හැටි දැනගත්තාම ආය ඒ කෙනා මොන විදිහෙ දෙයක් කරත් අපිට පේන්නේ වෙනත් විදිහකට .. ජූලි ඇබී දිහා බලන් හිටියා.. ජූලිට දැන් ඕන කමක් තිබුනේ නෑ හේතු කියන්න .. ජූලි යන්න හැදුවත් ඇබී අල්ලන් ඉන්න නිසා ජූලිට යන්න අමාරු උනා.. ඇබී අල්ලන් හිටියේ තදින් නිසා ජූලිට අත ගලවන්න හදද්දීත් රිදුනා,


" මං කලින් කියපුවා වැරදි නම් කියන්න මොකක්ද මෙතන උනේ කියලා.. "

" ඇයි ඔයා ඒක දැනගෙන මොනවා කරන්නද... ඒක දැන් ඉවර නේ.. ඇබී ඔයාගේ වැඩක් බලාගන්න.. "


ජූලි කොච්චර ට්‍රයි කරත් ඇබීගෙ අතින් එයාගේ අත ගලවාගන්න පුළුවන් උනේ නෑ.. එයා ඇබී දිහා බලලා ආයම වටපිටත් බලලා තවත් හයියෙන් අත ගලවන්න ට්‍රයි කරා..



WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now