27.

87 11 1
                                    












" ජූලී මෙහෙ "


ක්ලාස් එකට ආව ජූලි ඇනාව හොයාගෙන කොරිඩෝවේ යන අතරෙ කොරිඩෝවේ එහා කෙලවරේ හිටපු ඇනා ජූලිට කතා කරා.. ජූලි කොරිඩෝව දිගෙ ඇනා ඉන්න තැනට ඇවිදගෙන යද්දී එතනම තිබ්බ කාමරෙන් එක කෙල්ලෙක් හිනා වෙවී දුවගෙන ආවෙ පිටිපස්සෙ යාලුවා දිහා බලාගෙන.. එයා දන්නෙම නැතුව ජූලිගෙ ඇගෙ හැප්පෙද්දි  ජූලිවත් එහාට තල්ලු උනා.. ඒකෙන්ම ජූලිට යකා නගිද්දි


" තමුසෙ පොට්ටද ඕයී "


ජූලි සද්දෙන් අහපු පාර ඒ කෙල්ල ගැස්සිලා කරා.. කෙල්ලත් ජූලි දැක්ක පාර බය වෙද්දී එතනට ඇනාත් ආවා.. ජූලි තරහෙන් කෙල්ල දිහා බලන් ඉද්දී,


" ඒ ළමයා දැක්කෙ නෑනේ බං.. එන්න යන්න "


ජූලිගෙ වැලමිටෙන් අල්ලන් ඇනා ජූලිව එතනින් එක්කන් ගියෙ අර කෙල්ලත් යාලුවා එක්ක ඉක්මනට එතනින් යද්දි.. ඇනා ජූලි එක්ක කොරිඩෝවෙන් එද්දි ඇනා බැලුවෙ තාමත් ඇහි බැමි දෙක ඇකට ලං වෙලා තියෙන ජූලි දිහා..



" මොකෝ අද කේන්ති මූඩ් එක ඔන් වෙලා "


" ඕල්වේස් ඒක ඔන් වෙලා තමා තියෙන්නේ "


" අහ් ඔව් ඇත්තනේ.. මටත් අමතක උනා නේ.. ඔයා තුන් වේලටම කන්නෙ කේන්තිය කියලා "



ඇනා හිනා වෙලා කියද්දී ජූලි ඇස් හීනි කරල ඇනා දිහා බැලුවා.. ජූලි එහෙම්මම පෝන් එකට මූණ ඔබා ගද්දී ඇනා ගියෙ ඉස්සරහ බලන්..


" ඒ ඔන්න කණුවක් "



ජූලි ඉක්මනට ඉස්සරහ බැලුවත් එතන කණුවක් නෑ කියල දැනගත්ත ගමන් ඇනා දිහා බලද්දි ඇනා ආය ජූලිගෙ උරහිසට ගහල හිනා උනා


" එපා බං "



ඇනා ජූලි කොරිඩෝවෙන් හැරෙන තැන ලං වෙද්දිම ඒ ළගම තවත් කාමරේක හිටපු ම්ස්ලා දෙන්නෙක් මේ දෙන්නට කතා කරා


" ශැහ්.. තව මගුලක් "


" කටවහගෙන වෙරෙන් "


දෙන්නම ඒ පැත්තට කාමරේට යද්දී ම කොරිඩෝවේ ඉදන් අනිත් කොරිඩෝවට හැරෙන තැනින් මේ පැත්තට ආවෙ හැනායි හේසලුයි.. ඇනා ජූලි කොරිඩෝවෙන් කාමරේට යද්දී හැනා හේසල් ඒ කොරිඩෝවටම ආවෙ දෙගොල්ලොන්ගෙන් කව්රුවත් ඒ ගොල්ලොන්ව දකින්නේ නැතුව

















You've reached the end of published parts.

⏰ Last updated: Oct 22, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now