25.

77 11 1
                                    









හැනා ඉස්සරහට ගිහින් ජජ් බෝඩ් එකේ ඉන්න හතරදෙනා දිහා බලද්දි එයාලා හැනාගෙ ෆයිල් එක බලලා හැනාට පටන් ගන්න කිව්වා.. හැනා මුලින් ම හොද හුස්මක් අරන් ස්ටෙප් ටික මතක් කරගෙන පලවෙනි ස්ටෙප් එකේ ඉදන් සන්සුන් ව ඩැන්ස් එක කරා.. හැනාගෙ වේගෙ ගානට.. හැනා ඩාන්ස් කරන දිහා පැත්තකට වෙලා අත් දෙකත් බැඳගෙන ඇබීත් බලන් හිටය.. හැනාගෙ ඔලුවෙ ස්ටෙප් ටික හොදට මතක තිබුනා.. හැනා හොදට තමන්ගේ ඩාන්ස් එක ඉවර කරා.. හැනා එවෙලෙම ඇබී දිහා බලද්දි ඇබී හැනාට.,


" හොදට කරා "


හැනා ඇබී එක්ක හිනා වෙලා කලින් ඩාන්ස් එක ඉවර කරපු අය එකතු උන තැනට ගියා.. හැනාගෙන් පස්සෙ ඉන්න අයටත් ජජ් බෝඩ් එකෙ අය කතා කරා.. හැනා ඒ දිහා බලල ඇබී ඉන්න තැනට යන්න හැදුවත් ඉවර කරපු හැමෝම එක කැනක ඉන්න ඕන කියලා කිව්ව නිසා හැනාට එතන ඉන්න සිද්ද උනා.. ඇබී එතන ඉද්දී ඇබීට කැතීගෙන් කෝල් එකක් ආවා..  කැතී ඇබී එක්ක කතා කරේ ඊයෙ ෆෝලීන්ට වෙච්ච දේ ගැන.,



" අනේ එයා දැන් හොදින් ද.. මං එන්නද "

" ඔයා එන්න ඕන නෑ.. ෆෝලීන්ට දැන් හොදයි.. එයා ගෙදර රෙස්ට් කරනවා.. මං සතියක්ම නිවාඩු දුන්නා "



කැතී ෆෝලීන්ට සතියක් නිවාඩු දුන්නත් එයාට ඒ සතියෙ ලැබෙන්න ඕන ගාන දෙන්න පොරොන්දු උනා.. කෝල් එකෙන් ඇබී උනත් කැතීට කිව්වෙ ෆෝලීන්ට හොදට සලකන්න කියලා.. ෆෝලීන් ඇබීව පොඩි කාලෙ බලාගනිද්දි එකම එක පාරක්වත් ගහල නෑ.. කැතී ඔෆිස් යන දවස්වල ඇබී ෆෝලීන් අතේමයි.. රැට වැඩ ඉවර කරල ෆෝලීන් ගෙදර යද්දිත් ඇබී අඩනවා..



කට්ටිය එක්ක ඉන්න හැනා සැරින් සැරේ ඇබී දිහා බැලුවත් ඇබී තාම කෝල් එකේ.. හැමෝම ඩාන්ස් කරලා පැයකට පස්සෙ දැනුම් දුන්නේ රිසාල්ට් එක එයාලා දැම්ම ඉදන්ම හදනවා කියලායි.. බය නිසාම හැනා ආයම ඇබී දිහා බැලුවත් ඇබී තවමත් කෝල් එකේ.. හැනාට බය අස්සෙන් ඇබී එක්ක කේන්තියකුත් ආවා.. ඩාන්ස් කරපු පිලිවෙලට හැමෝවම එතන පෙළගස්වද්දි හැනාත් පේලියෙ තැනකින් හිටගත්තා..



" අනේ දෙවියනේ මං පාස් වෙලා තියෙන්න "


හැනා හිතින් එක දිගට කියෙව්වා.. ඒ අතරේ ජජ් බෝඩ් එකේ හිටපු හැනා කලින් ඇබීට පෙන්නපු මිස් ඊට එහායින් ඉන්න ඇබීව දැකල ඒ පැත්තට එන්න ආවා..  ඒ වෙලාවෙ ඇබී කැතී එක්ක හිටපු කෝල් එක කට් කරලා පිටිපස්ස හැරෙද්දි ම අර මිස් ඇබී ළගට ඇවිත් කතා කරා.,



WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now