15.

78 20 4
                                    










කැතී දැන් පොන් එක දිහාම ගොඩක් වෙලා ඉදන් බලන් ඉන්නවා.. කැතීගෙ අම්මා මේ දිහා කී සැරයක් ම බලන් ගියා.. කැතී එක වේලාවට පොන් එකෙන් කාටද කෝල් ගන්නවා, ඊට පස්සේ කේන්තියෙන් හුස්ම ගන්නවා, ඊටත් පස්සෙ පොන් එක දිහා බලන් කාටදෝ බනිනවත් එක්ක


" ඔයා මොකක්ද ඔය පොන් එක දිහා බලන් කරන්නේ " කැතීගෙ අම්මා කැතී ලගට ඇවිත් කතා කරද්දී කැති එකපාරට ගැස්සුනෙ පොන් එකේ සිහියෙන් හිටපු නිසා


" අම්මේ බලන්නකෝ.. මේ කෙල්ල මට සතියකින් කතා කරේ නෑ.. පෙරේදාත් ගත්ත ගමන් තිබ්බා.. මොනවා කරනවද මන්ද.. අපරාදේ යන්න දුන්නේ කියලා හිතෙනවා .. කිව්වේ නම් කොහොමද දවසින් දවස කතා කරන්නම් කියලා.. කෝ දැන්.. කෝල් එකක් තියා msg එකක්වත් නෑ "  කැතීගෙ අම්මා අහපු ගමන් කැතී කියාගෙන කියාගෙන ගියා..


" ඉතින් ට්‍රිස්ට කෝල් කරලා බලන්නකෝ " කැතීගෙ අම්මා හිතලම ඇහුවෙ කැතීගෙ දැන් රියැක්ට් එක මොකක්ද බලන්න.. ඇබීගෙ පොන් එක වැඩ නැත්තම් කැතීට ඇබීට කතා කරන්න නම් ට්‍රිස්ට තමයි කෝල් එකක් ගන්න වෙන්නේ.. කැතීගෙ මූණ බලන් ඉද්දී ම අවුල් ගියා.. ඒක දැක්ක කැතීගෙ අම්මා.,


" හරි හරි.. ඔය ළමයා කෝල් එකක් ගනී.. වැඩ ඇති.. අනික දැන් ඇබී පොඩි ළමයෙක් නෙමෙයි නේ "

" කාට පොඩි නොවුණත් ඇබී තාම මට පොඩියි.. එයා ලොකුයි කියලා හිතන් හිටියට එහෙම නෑ.. අනික මොනවද ඔච්චරටම තියෙන වැඩ.. තමන්ගේ අම්මට කෝල් එකක් දෙන්න බැරි තරම් "


" ඉතින් ඔයත් ඉස්සර එහෙම නේ.. ට්‍රිස් ඇබී දෙන්නා පුංචි කාලේ ඔයා කම්පැනි එකට යනවා.. පොඩි දෙන්නව එතකොට බලාගත්තෙ මමයි ෆෝලිනුයි.. එතකොට අපි බලන් ඉන්නේ ඔයාගෙන් කෝල් එකක් එනකන්.. ඒ වෙලාවට මුලින්ම පොන් එක ගන්නෙ ට්‍රිස් "


" අම්මා ඒ කාලේ ඒවා ඒ කාලෙම තිබිච්චදෙන්.. දැන් ඒවා ඕන නෑ.. අහ්.. වෙලාව.. එන්න දැන් බෙහෙත් බොන වෙලාව හරි " කැතී අම්මවත් එක්කන් කාමරේට ගියෙ අම්මට බෙහෙත් ටික දෙන්න.. කැතී යද්දි පොන් එක තියලා ගියෙ මෙසේ උඩ.. ස්ක්‍රින් එක ඔෆ් වෙලා නොටිෆිකේෂන් එකක් එද්දී ලොක් ස්ක්‍රින් එකේ තිබුනේ ඇබීගෙ පොටො එකක් ..










WHAT IF I KILL YOU IN THE END? [GL]حيث تعيش القصص. اكتشف الآن