08.

75 22 9
                                    







හැනායි එයාගේ අක්කයි රණ්ඩු කරගත්තට දෙන්නට ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන් දෙන්නම එකට ඉන්නවා.. හැනා කිසිම දෙයක් වැඩිය බරපතල විදිහට ගන්නේ නෑ ඒත් හැනාගෙ අක්කා ජැස්පර් හැමදෙයක් ගැනම හොදට හිතනවා.. හැනාගෙ මුරණ්ඩුකම නිසා හැනාගෙ අක්කා කියන දේවල් හැනා වැඩිය ගණන් ගන්නේ නෑ.. හැනා laptop එකෙන් හොද මූවි එකක් බලන ගමන් ඉද්දී ජැස්පර් හැනාගෙ කාමරේට ආවා.. දෙන්නගෙන් කාටවත් දොරට තට්ටු කරන පුරුද්දක් නෑ


" තමුසේ මොනවද කරන්නේ "
උත්තර දෙන්න තියා අක්කා ආවද කියලවත් හැනා දන්නෙ නෑ.. ඒ තරම් මූවි එක සිහියෙන්.. ළග තිබ්බ කෝට්ටේ අරන් දුන්නා මූණට පාරක් ආය රිදෙන්නම


" මොකද ඕයි වෙලා තියෙන්නේ.. අත තියන් ඉන්න බැරිද " හැනා අහද්දි ජැස්පර්.,


" බෑනේ.. ඒකයි ගැහුවේ.. තමුසේ මොකද කරන්නේ "


" ආ.. රෙදි හෝදනවා " කටත් ඉරක් කරගෙන ජැස්පර් හැනා ලගින් ඉදගත්තා


" හහ්.. ආ.. මට ආරංචියි තමුසේ මේ පාර කරන්න හදන වැඩේ ගැන "  ජැස්පර් කිව්වාම හැනා බැලුවේ තේරුණේ නෑ වගේ ලුක් එකකින්.,


" කොහෙ හරි කසනවද බං පාඩුවේ ඉන්න ළමයිව අල්ලගන්නේ "

" මං කාවවත් තාම ඇල්ලුවෙ නෑ හලෝ.. මොනවද කියවන්නේ "

" මං අහන්නේ අර තමුසේලගෙ චැලෙන්ජ එක ගැන "

" මොන? "

" හනේ.. තමුසේ බබා.. ඊයා.. මොන කාලෙද ඕයි තමුසෙලා " ජැස්පර් කින්ඩියට හිනා උනා


" හේසල් නේද කිව්වේ " මූවි එක  stop  කරලා හැනා ජැස්පර් දිහාට හැරෙන ගමන් ඇහුවා

" කව්රුහරි.. මොන වගේ චැලෙන්ජ් එකක්ද ඕයි ඒ.. තමුසෙලා දෙන්නා ඒ පාර විනෝද වෙන්න ළමයිගෙ  feelings ත් අල්ලගත්තා ද " දෙන්නා කියලා අදහස් කරේ හැකියයි ජූලිවයි.. ජැස්පර් ඉස්සර ඉදන්ම දන්නවා දෙන්නා මොනවම හරි විකාර දේකට රණ්ඩු වෙනවා කියලා


" ඒවා මොනවද.. ඔයා දන්නේ නෑ.. මං මේක කරන්නේ ඒ ගෑණිව පරද්දන්න "

WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now