05.

77 20 5
                                    








ඇබී  class එක ඇරිලා ගෙදර ගියේ බස් එකේ.. ඇබී බයික් එක පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍ය දේකට විතරයි.. නැත්තම් එයා ගෙදර යන්නේ කෙටි පාරේ පයින් එහෙමත් නැත්තම් main road එකේ බස් එකේ .. ඇබී නැගපු බස් එකටම ඇබීට හොරෙන් හැනා, හේසල් දෙන්නත් නැග්ගේ ඇබීගෙ ගේ බලාගන්න.. ඇබී ඉස්සරහින් ඉදගද්දි හිමීට හැනා, හේසල් දෙන්නා පිටිපස්සෙන් ඉදගත්තා.. කොහොමහරි බස් එකේ ටිකක් පිරෙන්න සෙනග හිටිය නිසා ඇබීව එච්චර පෙනුනේ නෑ.. එක හෝල්ට් එකක් ලං වෙද්දි ඇබී නැගිටිනවා දැකපු මේ දෙන්නත් නැගිට්ටා.. බස් එක නවත්තපු හෝල්ට් එකෙන් ඇබී බහිද්දි හැනා හේසල් දෙන්නා පිටිපස්සෙ හිටපු නිසා සෙනග අස්සෙන් ඉස්සරහට එද්දි බස් එක යන්න පටන් ගත්තා...


" ඉක්මනට පලයන් යකෝ.. බස් එක යනවා.. බැහැගන්න ඕන " පිටිපස්සෙ හිටපු හැනා හේසල්ට කෑ ගහද්දි හේසල්.,

" හිටපන් ගෑණියේ.. මේ යනවා.. හම්මෝ පලයන්කො එහාට ලයිට් කණුව වගේ මැද්දේ හිටගෙන ඉන්නෙ " හේසල් ගෙ ඉස්සරහින් මහත මනුස්සයෙක් හිටියෙ හෙලවෙන්නෙවත් නැතුව.. හේසල් අන්තිම ටික හිමින් කිය කිය කොහොමහරි ඉස්සරහට ගියා..



" අංකලේ .... බහිනවෝ... " හේසල් කෑ ගහද්දි පැනපු ගමන් හැනා බෙල් එක ගැහුවා.. ඩ්‍රයිවර් එකපාරම බ්‍රේක් එක ගහද්දි හැනා හේසල් නූලෙන් නොවැටී බේරුණා..  හෝල්ට් එකේ ඉදන් ටික දුරක් ගිහින් බස් එක නවත්තද්දි.,


" ඒ බහින්නද නැවැත්තුවේ "  : හේසල්

" නෑ පනින්න.. බැහැපිය ඉක්මනට ආය මේක අද්දන්න කලින් " 

හැනා ඩ්‍රයිවර්ටත් රවලා ඉක්මනට බස් එකෙන් බැස්සා.. දෙන්නත් එක්ක බැස්සත් දෙන්නටම ඇබීව මග ඇරුණා..


" තොට කිව්වා එච්චර පස්සට යන්න එපා කියලා " : හැනා

" තෝ කොයි වෙලේද එහෙම කිව්වේ.. උබනේ මුලින්ම පස්සට ගියෙ " : හේසල්

" හරි හරි...ශිට්.. බලපන්කො ඉතින්.. මග ඇරුණා නේ "





*
*
*
*
*
*
*
*
*






ඇබී වොෂ් එකකුත් දාගෙන bathroom  එකෙන් ඇවිත් ඇදට ගොඩ උනා.. ඇබී කම්මැලිකමට movie  එකක් බලන්න phone  එක අතට ගද්දි ඇබී දැක්කා හැනා එයාට msg  එකක් දාලා තියෙනවා.. ඇබී msg එක කියවලා reply කරා...

WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now