19.

65 16 1
                                    






" අම්මා.. මං ඔයාට කිව්වා නේ මං ඇප්ලයි එකක් දානවා කියලා "



හැනා ශේප් එකේ අම්මා ලගට ගියා.. අනේ හා කියන්න.. හා කියන්න... හැනා හිතුවෙ ම ඕක.. මේකට ජොයින් උනොත් ආය දෙකක් නෑ වැඩේ ගොඩ..

" මොන ඇප්ලයි එකක් ද "

" ඇයි අනේ මං කිව්වේ.. අර dance academy එකට "


අම්මා වැඩ කරන ගමන් එහාට යනවා මෙහාට යනවා හැනාත් එයත් එක්ක එහාට යනවා මෙහාට යනවා.. අම්මා වැඩ කරන ගමන් නිසා හැනාට උත්තර දෙන්න පරක්කුයි

" අම්මේ......... "

" හරි හරි ඉතින් "

" මේ. මේකයි ඒක ගොඩක් ලොකු ආයතනයක්.. එකෙන් ශිෂ්‍යත්ව හම්බවෙලා රට යන්න උනත් ඉඩ තියෙනවා .. ඉතින්.. "

" හරි එහෙනම් දාන්න "


අම්මා එහෙම කිව්වට හැනා ඊළග හිතුවෙ අනිත් එක කොහොමද කියන්නේ කියලා.. ඒකට ජොයින් වෙන්න ගානක් අය කරනව.. ගෙදරින් ඒක දෙන්න බෑ කිව්වොත්.. අම්මා නම් අනිවා බෑ කියයි.. 


" හැබැයි පොඩි කොස්සක් තියෙනවා "

" මොකක් තියෙනවා? "

" නෑ මේකයි මේ.. ඒකට ඇතුළු වෙන්න ගානක් ගෙවන්න ඕන "


හැනා කියද්දී අම්මා හැනා දිහා බලලා ආයම වැඩේ කරන්න ගත්තා.. ඒ කියන්නේ බෑ කියයි වගේ.. සිරාවට කොහොමද ගෙවන්නේ..


" අම්මා අහගෙන ද ඉන්නේ.. කියන්නකෝ අනේ "


" ඔව් ඔව් .. කීයක් ද දැන් අය කරන්නෙ "

" ලක්ෂයක් ඕන "



අම්මා පුදුම වෙලා හැනා දිහා බැලුවා.. ඇකඩමි එකකට බැදෙන්න එච්චර ගාණක්.. හැනාට විතරක් එච්චර ගාණක් වියදම් කරන්න පුළුවන් කමක් නෑ



" ඔය පොඩි නැටුමකට ලක්ෂයක් මොකටද "

" පොඩි නැටුමක් නෙමෙයි අනේ.. ඒ කම්පැනි එකේ අනුෂාකා ගොඩක් රටවල් වල තියෙනවා..  ඒක ගොඩක් ලොකු ආයතනයක් අම්මේ.. අනික ලක්ෂෙ ගන්නේ පාඨමාලාව ඉවර වෙනකන්ම "

" ඒ උනාට ලක්ෂෙ වැඩියි "

" ඒක වැඩි නෑ අයියෝ.. හරි ඒ ඒක වැඩි අපිට නේ.. ගොඩක් අය ඒ ගාන දීලා යනවා.. ඒකට බැදෙන්න ගෙවන්න ඕන අසූදාහක්.. එහෙනම් ඇදුම් ඔක්කොමත් දෙනවා.. ඒවට විස්සක්වත් ඕන.. එතකොට dance competition  වලටත් එක්ක ගොඩක් යනවා නේ "



WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now