26.

79 13 2
                                    









පහුවදා හැනා ක්ලාස් එකට ගියෙ මුලින් ඇබීව හම්බවෙන්න හිතාගෙන..  ඊයෙ රැත් හැනාගෙ ඔලුවෙ වැඩ කරේ ඒක.. ගෙදර අය දැනගත්තොත් මොනවා වෙයිද.. ඇබී හැමවෙලේම පෝන් එක ඕෆ් කරන නිසා හැනා කේන්තියෙන් ඉදියෙ.. හැනා ක්ලාස් එකේ එයාලට තියෙන බිල්ඩින් එක එහාපැත්තෙ බෙන්ච් තියෙන තැනට යද්දී ඇබී මිෂෙල් එක්ක එතනට ඇවිල්ලා.. ඇබී වේලාසන ආවොත් නැත්තම් හැනා වේලාසන ආවොත් අනිත් කෙනා එනකන් එයාලා ඉන්නෙ මෙතන.. හැනා එතනට යද්දී මිෂෙල් නැගිටලා



" ඔන්න ආවනේ.. එහෙනම් මං ක්ලාස් එකට යනවා.. ඉක්මනට වරෙම් "

හැනා මිෂෙල් එක්ක හිනා වෙලා මිෂෙල් ගිය ගමන් ම ඇබීගෙන් හැනාට අහන්න ඕන දේ ඇහුවා


" ඇබී.. අපි දෙන්නා ගැන ගෙදර අය දැනගත්තොත් මොකද කරන්නේ "



හැනා එකපාර අහද්දි කලින් හැනාව දැකලා හිනා උන ඇබීගෙ හිනාව නැතිව ගියා.. ඇබීත් මේ ගැන තවමත් හිතලා නෑ වගේ.. හැනා ආයම ඒ ගැන ඇබීගෙන් ඇහුව


" හැනා මං තාම ඒ ගැන හි...  "

" හිතලා නෑ කියලද කියන්න යන්නේ.. කවදද ඔයා හිතන්න ඉන්නේ.. ගෙදරට අහු උනාට පස්සෙද "



හැනා තදින් කියද්දී ඇබීත් පුදුම උනා.. හැනා සන්සුන් වෙන්න.. හැනා හැනාටම කියාගත්තා


" හැනාට ඇයි එකපාරටම එහෙම දෙයක් හිතුනෙ "


" එකපාර නෙමෙයි ඇබී කවදාහරි හිතන්න වෙන දෙයක් මං ඔයාට කිව්වේ "


" අ.අපි අපි මොකක් හරි බලමු "

" මොකක්ද.. මොකක්ද ඔයා බලන්නේ.. කෝ ඔයාගේ පෝන් එක.. ඇයි ඒ මගුල හැම වෙලාවෙම ඕෆ් "

" හැනා කෑ ගහන්න එපා "



හැනා හයියෙන් කතා කරලා තියෙන්නෙ කියලා හැනාට තේරුණා.. හැනා ඇස් දෙක වහගෙන හොද හුස්මක් ගත්තා

" ඇබී ඇයි ඔයාගේ පෝන් එක ඕෆ් "


" හැනා මං අයියා එක්ක ඉන්නකොට පෝන් එක ඕෆ් කරනවා "

" එතකොට හදිස්සියක් උනොත් මොකද කරන්නේ ඇබී "

" හරි හරි.. කේන්ති ගන්න එපා.. මං ආය පෝන් එක ඕෆ් කරන්නේ නෑ "


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now