21.

72 16 4
                                    







" අනෙහ් තියන්නකෝ "


ඇබී අත ගනිද්දී හැනා ආයමත් ඇබීගෙ අත අරන් එයාගේ ඔළුවෙන් තියාගත්තා.. ඇබී ආයම පොතත් කියවන ගමන් හැනාගෙ ඔලුව අත ගාද්දී හැනා මෙසෙට ඔළුව තියාගෙන ඇබී දිහා බලන් හිටියා.  ඇබීගෙ හැමදේම හැනා දන්නවා. කොටින්ම ඇබීගෙ අම්මා කව්ද කියලත්.. ඇබීගෙ පවුලේ තත්වෙට හැනාට ලං වෙන්න ගොඩක් අමාරුයි


" අනේ එපා අනේ "

ටික වෙලාවක් ගියාට පස්සේ ඇබී කියද්දී හැනා ඇබී දිහා බලාගෙන ම,

" මොකක්ද "

" ඔහෙම බලන්න.. එපා කියලා කිව්වේ.. මොකක්ද වගේ "


" ඔයා දිහා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඇබී "


හැනා කියද්දී ඇබී හිනා වෙලා පොත මේසෙ උඩින් තියලා පුටුව පිටිපස්සට වෙන්න හේත්තු උනා.. ඇබී හරියට එයාගේ අම්මා කැතී වගේමයි.. කැතී කොච්චර වයසට ගියත් එයාගේ වයස පෙන්නෙ නෑ.. හැබැයි ඇබී තමන් ලස්සනයි කියලා ඔළුව ලොකු කරන් නෑ


තව දෙයක්.. ගොඩක් අයට අන්තිමට හරහට හිටින්නෙත් ඔය ලස්සන කියන දේම තමයි..

" ඇත්තටම දෙයක් අහන්නද.. ඔයා කොහොමද කියන්නේ ඔයා ටොප් කියලා.. ඔයා හරි කියුට් නේ අනේ "


හැනා ඇබීගෙ කම්මුලක් තදින් අල්ලලා කියද්දී ඇබී ඉබේටම හේත්තු වෙලා ඉන්න තැනින් ඉස්සරහට ආවා.. ඇබී කැමති නෑ කව්රුවත් එයාට කියුට් කියනවට.. ඇබී මූණ අමුතු කරගෙන හැනා දිහා බලද්දි හැනාට හිනා ගියා.. ඇබී එයාට එහෙම කතා කරනවට කැමති නෑ කියලා දන්න නිසාම ඇබීව අවුස්සන්න හිතලමයි හැනා එහෙම කතා කරේ


" මෙහ් ඇබී.. මං.. ඇප්ලිකේෂන් එකක් දැම්මා නේ.. ඉන්ටර්විව් එක්සැම් එකකට කතා කරලා තියෙනවා ලබන සතියෙ "

හැනා හිනාව නවත්තගෙන කිව්ව.. සල්ලිත් ඔක්කොම හරි එකේ තව ඉතුරු වෙලා තියෙන්නේ මේ එක්සැම් එක විතරයි.. මේක පාස් උනොත් හැනාව ඇකඩමි එකට බදවාගන්නවා.. ඊටපස්සේ ඉතින් වැඩේ ගොඩ තමයි.. හැනාගෙ පිටිපස්සෙන් පුටුවේ ඇන්දට ඇබී අත තියාගෙන,


WHAT IF I KILL YOU IN THE END? [GL]Tahanan ng mga kuwento. Tumuklas ngayon