23.

70 11 1
                                    









හේසල් මිෂෙල්ට උදේ වෙච්ච දේ ගැන කිව්වත් මිෂෙල් පුදුම උනේ නැ.. මිෂෙල්ට හැනාගෙයි ජූලිගෙයි රණ්ඩු ඉස්සර ඉදන්ම හොදට දැකලා පුරුදුයි..  රණ්ඩුව පටන් ගත්තේ කොහොමද කියලවත් ඇබී දන්නෙ නෑ.. මොනවා උනත් මෙතන හැනා ජූලි දෙන්නගෙම වැරැද්දක් තියෙනව..  මෙයාලා පිරිමි ළමයි උනා නම් රණ්ඩුව ඔයිට වඩා දුර ගිහින් අනිවා එකෙක් දෙන්නෙක් අණ්ඩක් කඩා ගන්නවා.. හැනාට නම් තවත් කේන්ති උනත් ජූලි ගුටි කාපු එක ගැන සතුටක් තියෙනවා..  ක්ලාස් භාර හෙඩ්ටත් මේ දෙන්නගේ රණ්ඩු අහලම එපා වෙලා.. හෙඩ් කීප සැරයක්ම හැනාටයි ජූලිටයි වර්නින් කරලත් තියෙනව..  වෙලාවට එතන වැඩිය ළමයි හිටියේ නෑ.. මේ පාර හෙඩ්ට ආරංචි උනා නම් දෙන්නගෙම පන්ති තහනම් කරනවා


හැනා ජූලි ක්ලාස් පටන් ගත්ත මුල් කාලේ.. දෙන්නට දෙන්නා රවලාවත් බැලුවෙ නැත්තම් දවස ගෙවාගන්න බැරි එකක් තියෙන්නෙ..  හේසල් ඇනා දෙන්නා රණ්ඩු වෙන්න එපා කියලා ඒ දවස්වල ඉදන්ම මන්තරයක් වගේ මතුරනවා..  එක පාරක් හැනා රණ්ඩුව පටන් ගත්තොත් ඊළග දවසේ ජූලි රණ්ඩුව පටන් ගන්නවා.. ක්ලාස් එකේ ඉන්න පිරිමි ළමයිවත් ඔය විදියට රණ්ඩු කරන්නෙ නෑ.. ක්ලාස් එකේ උගන්නන පැත්ත හොදට කෙරුණත් බාහිර පැත්තෙන් නම් කිසිම වැඩක් කෙරෙන්නේ නෑ..   environment club, swimming club, basketball club  කොච්චර තිබ්බත් ඒවායෙ හරිහමන් දෙයක් කෙරෙන්නේ නෑ..  ඉතින් හැනාගෙයි ජූලිගෙයි රණ්ඩු බලන එක ළමයින්ට පට්ටම ජොලි වැඩක්




"  මොකටද බොරුවට රණ්ඩු වෙන්නේ..  පාඩුවේ හිටියා නම් ඉවරයි නේ "

ඇබී හැනාගෙ ඔළුව අත ගාන ගමන් කියද්දී ඇබී දිහා බලපු හැනා.,


" ඔයා දැන් ඔය මට බනිනවද.. ඔයා ජූලිගෙ පැත්ත ගන්නවද.. එයා මගෙ කොණ්ඩෙනුත් ඇද්දා "


හැනා හිතුවෙ ඇබී හැනාගෙ පැත්ත අරන් ජූලිට බනියි කියලා.. ඇබී දෙපැත්තටම නැති විදිහෙ එකක් කියද්දී හැනාට ඒකටත් කේන්ති ගියා ..  ඇබී ඊටපස්සේ තව මුකුත් කියන්න ගියෙ නෑ..  හැනා කේන්ති ගිහින් ඉන්න වෙලේ මොනවා කිව්වත් වැඩක් නෑ..  එයා ඒක තේරුම් ගන්නෙම අනිත් පැත්තට..  ඇබී මේ වෙලේ මොනවා කිව්වත් වැඩක් නෑ



WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now