Chapter 02: The Truth Untold

169 41 34
                                    

වෙනදා වගේම කුරුල්ලන්ටත් කලින් ඇහැරුණු සොක්ජින් අදත් එයාගේ දවස පටන්ගත්තේ, ඔළුව වැදෙන තරමට කොට සිවිලිමක් තිබුණු පුංචි නාන කාමරේක වුණු මළබැඳුණු සීතල වතුර කරාමයට ඔළුව අල්ලලයි

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

වෙනදා වගේම කුරුල්ලන්ටත් කලින් ඇහැරුණු සොක්ජින් අදත් එයාගේ දවස පටන්ගත්තේ, ඔළුව වැදෙන තරමට කොට සිවිලිමක් තිබුණු පුංචි නාන කාමරේක වුණු මළබැඳුණු සීතල වතුර කරාමයට ඔළුව අල්ලලයි.

වෙනදට උදේ පාන්දර ගල් ගැහෙන සීතල නිසාම විනාඩි දහයෙන් ශවර් එකෙන් ගැහි ගැහීම එළියට කෑගහගෙන එන සොක්ජින්, අද පැයකට ළන්වෙන්න කාලයක්ම ශවර් එකෙන් එළියට ආවෙ නැති විත්තිය යුන්ගි ගණන් හැදුවේ එයාලගේ කාමර කොණේ තිබුණු එකම පුංචි ඇඳේ කොණකට වකුටුවෙලා තවමත් නිදි සුවය විදින ජන්ගුක් දිහාත් බලාගෙනමයි.

පහළ තට්ටුවේ තියෙන ජින්-හිට් බේකරිය අරින්න ලෑස්ති වෙන්නත් තව ඉතුරුවෙලා තිබුණේ පැයකටත් අඩු කාලයක් විතරයි. මේ වෙද්දි හරිනම් බේගල්ස් තැටි දෙකක්ම පෝරණුවෙන් එළියට අරන්, ඒවා නිවෙන්න තියෙන වෙලාව වගේ. එහෙව් එකේ අද දවසේ බේගල්ස් විස්සක්වත් විකුණුවේ නැත්තම් අඩුම තරමේ ඊයෙ සල්ලිවලට ගත්තු කෝපි මල්ලෙ ණය පියවන්න ඔින සුළු මුදලවත් මොවුන්ට හොයාගන්න බැරිවෙනවා. ඒ තරම් අමාරු තත්ත්වයක් යටතේ මොවුන් ජීවත් වුණත්, ජින්-හිට් බේකරිය දැන් වසර ගාණක් තිස්සේ වෙලාව නොවරදවා ඔවුන්ගේ අතේ ඇඟිලි ගාණටත් අඩු පාරිභෝගිකයන් වෙනුවෙන් හැමදාමත් විවෘත වුණා.

ඒත් ගෙවුණු වසර විසි නවයටම අද කවදාවත් නැතුව බේකරියේ කිසිම පෝරණුවක් තවමත් පත්තු වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ සිද්ධවෙන්න යන දේ බලන් ඉදලා බැරිම තැන අන්තිමේදි යුන්ගි එයාලගේ නාන කාමරේ දොර ළඟට ගිහින් තට්ටු කලා.

"දැන්මම එළියට එන්න අදහසක් ඔයාට නැද්ද හ්යොන්ගී....???"

ඇහෙන නෑහෙන ගාණට කතා කරත් යුන්ගිගේ ගැඔුරු කටහඬ එයාලගේ පුංචි කාමරය පුරා මහ සද්දෙට දෝංකාර දෙන තරමට මේ තරුණ කොල්ලෝ තුන්දෙනාගේ හිසට හෙවණක් වුණේ හරිම පුංචි කාමරයක්. ඉතින් යුන්ගිගේ දෝංකාර දුන්නු කටහඬට ජන්ගුක්ත් ඇඳේ අනිත් පැත්ත හැරිලා මුළු ඔළුවෙ ඉදන්ම එයාගේ බ්ලැන්කට් එක ආයෙ ඔතාගන්නකොට, යුන්ගි ආයෙම වතාවක් එයා ඉස්සරහා තිබුණු නාන කාමරේ දොරට හෙමිහිට තට්ටු කලා.

Into the Magic Shop ‖ OT7 [13]Waar verhalen tot leven komen. Ontdek het nu