Chapter 07: Where the Map Led Us

124 40 37
                                    

සොක්ජින්-යුන්ගි-ජන්ගුක් කියන අයියාමලෝ තුන් කට්ටුවම, එයාලා ඉස්සරහ පරණ නමුත් තේජාන්විතව බැබලෙන හයසිය දහතුනේ බිල්ඩිම දිහැ කටත් ඇරගෙන දැන් බලාගෙන ඉන්න පටන්ගත්තේ හරියටම මීට පැයකට කලින්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

සොක්ජින්-යුන්ගි-ජන්ගුක් කියන අයියාමලෝ තුන් කට්ටුවම, එයාලා ඉස්සරහ පරණ නමුත් තේජාන්විතව බැබලෙන හයසිය දහතුනේ බිල්ඩිම දිහැ කටත් ඇරගෙන දැන් බලාගෙන ඉන්න පටන්ගත්තේ හරියටම මීට පැයකට කලින්. ඔවුන් පහු කරගෙන යන තේජෝන් වීදියේ වැඩිහිටි අසල්වාසීන්ගෙන් ඔවුන්ට ලැබුණු සුභ පැතුම් තියා, දැන් මිනිත්තුවකට කලින් ඔවුන්ටත් දෙස් තියලා පොලිස් කාර් එකක දාගෙන ගියපු මිස්ටර් හන්ගේ කෑගැහිලි ගැනවත් මොවුන් තුන්දෙනාට කිසිම වගක් තිබුණේ නැහැ.

"හ්යොන්???"

ඒ ජන්ගුක්.

කොල්ලා 'හ්යොන්' කියලා කතා කරද්දි ඒ මොන හ්යොන්ටද කතා කලේ කියලා දන්නෙ නැතිකමට, යුන්ගියි සොක්ජිනුයි දෙන්නම එකටම 'හ්ම්?' කියලා බකමූණො දෙන්නෙක් වගේ ඔහුට උත්තර දුන්නා.

"ඔයාලට හිතෙන්නෙ නැද්ද අපි නිකන් හීනයක් දකිනවා වගේ එකක්???"

"හීනයක් කෙසේ වෙතත්, මට හිතෙන්නේ මං ඊයෙ රෑ බීපු සෝජුවල සැර තාම බැහැලා නෑ වගේ එකක් කූ....."

ඒ යුන්ගි.

"යාහ්හ්හ්හ්හ----!!!!!!!!!!!!!!!!"

ඒත් ඒ නම් ඉතින් ගිරියෙන් කෑගැහුවේ සොක්ජින් තමයි.

"ඔහේ මටත් හොරෙන් ඊයෙ සෝජු බිව්වේ කොයි වෙලාවෙද??? ඇයි මට කතා කලේවත් නැත්තේ??? මටත් මේ දවස් ටිකේම මැරිලා වැටෙන්න හරි බොන්නයි ඔිනවෙලා තිබුණේ.. ඒත් තමුන් තනියෙන්ම බෝතල් කීයක් මට හොරෙන් බීලා ඉවර කලාද යුන්ගිච්චි??? ආහ්හ්හහ්හ්හහ්හ???"

ඔන්න ඔය වෙලාවෙදි තමයි ජන්ගුක් වගේම යුන්ගිත් දෙන්නටම, එතනින් ඉක්මණටම සතුටින් විසිරිලා ගියා නම් හොඳයි කියලා හිතෙන්න ගත්තේ.

Into the Magic Shop ‖ OT7 [13]Donde viven las historias. Descúbrelo ahora