Chapter 14: Darkness Never Wins

100 32 20
                                    

ශක්තිමත් මිත්‍රත්වයකුත් එක්ක එකට උස් මහත්වුණු යාළුවොන් දෙන්නෙක්ට, හිටිහැටියේ මීට අවුරුදු අටකට කලින් වෙන්වෙන්න සිද්ධවෙන්නේ ඔවුනොවුන්ගේ දෛවය ලියැවිලා තිබුණු විදිහට වෙන්න ඇති

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

ශක්තිමත් මිත්‍රත්වයකුත් එක්ක එකට උස් මහත්වුණු යාළුවොන් දෙන්නෙක්ට, හිටිහැටියේ මීට අවුරුදු අටකට කලින් වෙන්වෙන්න සිද්ධවෙන්නේ ඔවුනොවුන්ගේ දෛවය ලියැවිලා තිබුණු විදිහට වෙන්න ඇති. ඒත් ඔවුන්ව වෙන් කරපු ඒ දෛවයම ඔවුන් දෙදෙනාව ආයෙමත් එකට මුණගස්වන තැනට පත්වෙලා තිබුණු විදිහ ඇත්තටම හරිම පුදුමයි.

"මම කවදාවත්ම හිතුවේ නෑ උඔව ආයෙ මට දකින්න ලැබේවි කියලා ටේහ්යොගා....."

බුසාන් හයි ස්කූල් එක ඉවර වෙනකල් නොවුණත් තමන්ගේ අඩුපාඩුවලට හිනාවෙන්නෙ නැතුව, අනිත් අයගේ සමච්චල් සහගත හිනාවන්ගෙන් තමන්ව බේරගන්න තමන්ගේ තනියට උන්නු එකම මනුස්සයා කිම් ටේහ්යොන්ව නැවතත් මුණ ගැහුණු එකට ජිමින් හිටියේ පුදුම සතුටකින්. අඩුම තරමේ කොල්ලාට ජස්ට් ඩෑන්ස් ස්ටූඩියෝ එකෙන් තවමත් අළු දුම් පිටවෙනවා කියන එක පවා ටේහ්යොන්ගේ පැමිණීම නිසා මොහොතකට අමතක වුණා.

"මමත් මේ පාර දිගේ ඇවිඳගෙන ආවාට මොකද, මගේ පරණ ගඳ යාළුවා ජිමිනිව ආයෙ දකින්න බලාපොරොත්තුවක් නම් මගේ තුන් හිතකවත් තිබුනේ නැහ්... අම්මපා--"

ඒ වෙද්දිත් හොස්පිටල් එකෙන් සොක්ජින් ඩිස්චාඡ් වෙලා ඇවිත් හිටපු නිසා ජින්-හිට් බේකරියේ දොරවල් ආයෙමත් අළුත් දවසක් වෙනුවෙන් විවෘත වෙද්දි, සොක්ජින්ගේ ආරාධනාවට ජිමින් සහ ටේහ්යොන් දෙන්නාම බේකරියේ ඉස්සරහා තිබුණු පුටු දෙකකට හේත්තුවෙලා ආගිය විස්තර කතා කරමිනුයි හිටියේ.

"අද හවස්වෙලා බේකරිය ඇරපු නිසා ඔයාලට කන්න දෙන්න පුළුවන් හොඳ දෙයක් අද මෙහෙ නෑ කොල්ලනේ... ඒ නිසා දැනට මේ කෝපි දෙකවත් බීලා ඉන්න.... මං මොනාහරි ඉක්මණට ලෑස්ති කරන්නම්....."

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now