Chapter 05: All Magic Comes with a Price

107 37 23
                                    

ගෙවුණු පහුගිය අවුරුදු විස්සටම තේජෝන් වීදි කොණේ තිබුණු පරණ ගොඩනැඟිල්ලක වුණු ජින්-හිට් බේකරිය, දැන් පහුගිය දවස් දෙකේම වහලා දාලායි තිබුණේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගෙවුණු පහුගිය අවුරුදු විස්සටම තේජෝන් වීදි කොණේ තිබුණු පරණ ගොඩනැඟිල්ලක වුණු ජින්-හිට් බේකරිය, දැන් පහුගිය දවස් දෙකේම වහලා දාලායි තිබුණේ.

ඒ ගෙවුණු දවස් දෙකටම බේකරියට හැමදාමත් වගේ ආපු පාරිභෝගිකයන් කිහිපදෙනෙක්ම ආයෙ හිස් අතින්ම ඔවුන්නොවුන්ගේ ගෙවල් බලා ආයෙ හැරිලා ගියේ, බේකරිය අයිති මේ තරුණයන් තුන්දෙනා වෙනුවෙන් බොහෝ සේ දුක්වෙමිනි. ඒත් මුළු තේජෝන් වීදියේම අණසක පතුරවන් ඉන්න මිස්ටර් හන්ගේ ඒ අසාධාරණ තීරණයට විරුද්ධව හඬනඟන්න ඔවුන් කාටවත්ම ශක්තියක් තිබුණේ නැහැ.

ඒ කොහොමවුණත් තේජෝන් වීදියේ අංක හයසිය දහතුන දැරූ මේ පරණ ගොඩනැඟිල්ලේ වුණු ජින්-හිට් බේකරියේ අවසාන දවසත් මේ විදිහට උදාවෙද්දි, බේකරියේ වහලේ චිමිනියෙන් කළු දුම් වලා අහසට නඟින විදිහ තේජෝන් වීදියේ හැමකෙනෙක්ටම පේන්න තියෙනකොට ඒ හැම කෙනෙක්ගේම හිත්වල රැඳුණ දුක තවත් වැඩිවුණ එක විතරයි වුණේ. මොකද අවුරුදු ගාණක මතක පිරිලා තිබුණු ජින්-හිට් බේකරියේ අවසාන දවසත්, ලොකු වේදනාවකින් වුණත් පුරුදු විදිහටම දවස ආරම්භ කරන්න සොක්ජින් තීරණය කරලා තියෙනවා කියලා පෙන්නන්න ඒ දුම් වලා සාක්ෂි දරපු නිසයි.

කල්පනා කරලම නිදිමරලා තිබුණටත් වඩා ඇඬූ කඳුලින්ම ගෙවුණු දවස් රැය පහන් කරපු හේතුවටම යුන්ගිගේ වගේම ජන්ගුක්ගේ ඇස් ජම්බෝල ගෙඩි දෙකක් වගේ රතට ඉදිමිලයි තිබුණේ. ඒත් ඒ දෙන්නත් උදේ පාන්දර ශීතල ශවර් එකකට පස්සේ බේකරියේ වැඩ පටන් අරගෙන ඉන්න ඔවුන්ගේ ජින් හ්යොන්ගේ උදව්වට ඔහුගේ පසුපස්සෙන් බේකරියේ කෑම ලෑස්ති කරන වැඩේට හවුල් වුණේ කිසිම මැසිවිල්ලක් නොනගාමයි.

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now