Chapter 12: We are Home

103 30 18
                                    

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

වෙලාව දැන් රෑ දහයටත් ළඟයි.

"තවත් නම් බලාගෙන ඉදලා වැඩක් වෙන්නෑහ් යුන්ගියා...."

අද දවසටම සියවෙනි වතාවටත් එහෙම කියපු සොක්ජින්, සිය වතාවක්ම ඇඳලා පැත්තකට දාපු එයාගේ දුඔුරු පාට කෝට් එක, එකසිය එක්වෙනි වතාවටත් ආයෙමත් අතට ගන්න ගමන් එහෙම කිව්වා.

"මං ටවුමටවත් ගිහින් එයාව බලලා එන්නම්...."

ඉතින් එහෙම කියාගෙන සොක්ජින් බේකරියෙන් එළියට බහින්න හදද්දි නම්, කලින් වුණු සිය සැරයන්ට වඩා මේ පාර නම් යුන්ගිටවත් එයාලගේ හ්යොන්ව නවත්තන්න වුවමනා වුණේ නැහැ.

මොකද ජිමින්ගෙන් සමාවගන්න කියලා සෝල් ආර්ට් කොලේජ් එකට අද උදේ අටට විතර ගෙදරින් පිටත්වෙලා යන්න ගිය ජන්ගුක් ගැන කිසිම හාන්කවිස්සියක් තියා කිසිම හෝඩුවාවක්, අඩුම තරමේ කොල්ලාගේ ෆෝන් එකවත් මේ වෙනකොට ඔන් එකේ තිබුණේ නැති එක ඔවුන් දෙදෙනාටම ඇත් කලේ ලොකු බයක් විතරයි. ඉතින් ඔහුගේ වැඩිමහල් සහෝදරයෝ දෙන්නාම තමන්ගේ ලොකු පොඩ්ඩා ගැන හිටියේ ලොකු හිතේ ගින්නකින්.

"උදේ අපේ කොල්ලා කියලා ගියත් වගේ එයාට මොකක්හරි කරදරයක් වුණාද දන්නෙත් නැහැ...."

දකුණු අතේ ඇඟිලිවල තිබුණු නියපොතු ගෙවිලා යන තරමටම ඒවා හප හපා ඉන්න හොසොක් දිහාත් ඇස් හීනි කරලා බලන ගමන් සොක්ජින් එයාගේ සපත්තුවල ලේස් ඔහේ ගැටගහන්න ගත්තේ, දහසක් වූ අපැහැදිලි සිතුවිලි ගොන්නක් එක්ක සටන් කරන අතරෙයි.

ඉතින් පැය ගාණක් තිස්සෙම කිසිම ආරංචියක් නැතුව, ආගිය තැනක් හොයාගන්නත් බැරිව උන්නු ජන්ගුක්ව කොහොමහරි හොයාගන්න බලාපොරොත්තුවෙන් ටවුමට යන්න සොක්ජින් බේකරියෙන් එළියට අඩිය තියනකොටම වගේ, තේජෝන් වීදි කොණෙ ඈතින් පේන්න ගත්තු අඳුරු වගේම අපැහැදිලි හෙවනැලි දෙකක් පේන්න ගනිද්දි සොක්ජින්, යුන්ගි වගේම හොසොක් තුන්දෙනාම ඔවුනොවුන්ගේ මූණු දිහා ඇස් දෙකත් ලොකු කරගෙන ඒ අඳුරු හෙවනැලිවල අයිතිකාරයෝ කවුද කියලා උනන්දුවෙන් බලන්න පටන්ගත්තා.

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now