Chapter 15: Start Again

105 33 26
                                    

කිම් නම්ජුන්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

කිම් නම්ජුන්. එහෙමත් නැත්නම් ඔහු තමයි ටේහ්යොන්ගේ වැඩිමහල් සහෝදරයා වුණේ.

මීට අවුරුදු පහළොවකට කලින් පියාගෙන් දික් කසාද වුණු තම මවත් එක්ක නම්ජුන් සෝල් පදිංචියට එනකොට, කොල්ලා විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට ලෑස්තිවෙමිනුයි හිටියේ. ඉතින් අළුත් ජීවිතයක්, අළුත් වටපිටාවක් වගේම අළුත් ඉස්කෝලෙකටත් නම්ජුන්ට ඇහිපිය ගහන ක්ෂණයකින් හුරුවෙන්න සිද්ධවෙනකොට, ඔහුට ඇත්තටම දැනුණේ විශාල මානසික පීඩනයක් කියලත් නොකියාම බැහැ.

විශේෂයෙන් දික් කසාදයත් එක්ක තමන්ගේ මවට තිබුණු සුළු රෝගී තත්ත්වයත් බලා ඉන්දැද්දිම නරක අතට හැරෙනකොට, වැඩිහිටියෙක්ගේ උදව්වත් නොලැබුණු තරුණ නම්ජුන් හැම පැත්තෙන්ම හුඟක් අසරණ වුණා. මොකද සෝල් නගරයේ පදිංචියට ඇවිත් හතරවෙනි මාසයත් ගෙවිලා යද්දි නම්ජුන්ගේ මවගේ සුවවෙමින් තිබුණු ඇගේ පෙණහළුවල රෝගී තත්තවය, අන්තිමේදි නියුමෝනියා තත්ත්වයක් විදිහට උග්‍ර අතට හැරවුණු නිසා ඇයව කඩිණමින් රෝහල් ගත කරන්නත් නම්ජුන්ට සිද්ධ වුණේ තනියෙන්මයි. ඒත්, ඒ වෙද්දිත් ඇයගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් අතට පත්කරගන්න නොහැකි තරමටම උඩු දුවලයි තිබුණේ.

කොහොමහරි තම පියාගෙන් මාස්පතා ලැබුණු වොන් ලක්ෂයක වන්දි මුදලින් තම මවට අවශ්‍ය බේත්හේත්, රෝහල් පහසුකම් වගේම ඇයට අවශ්‍ය වෙනත් ආහාරපානාදිය වෙනුවෙන් නම්ජුන් ප්‍රවේශමෙන් මුදල් වියදම් කලත්, ඔහුගේ පියාගේ දෙවැනි කසාදයත් සිද්ධවුණාට පස්සේ ඒ හැම මාසික වන්දි මුදලක්ම නම්ජුන්ගේ ගිණුමට බැරවෙන එක හිටිහැටියේම නතර වුණේ, නම්ජුන්ව තව තවත් කායිකව වගේම මානසිකවත් පීඩනයට පත්කරමිනි.

Into the Magic Shop ‖ OT7 [13]Donde viven las historias. Descúbrelo ahora