Chapter 24: Seven Reasons Why

96 29 45
                                    

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

වෙලාව උදේ හයයි විනාඩි දහතුනයි කියලා බිත්ති ඔරලෝසුවේ වෙලාව සටහන් වුණත්, අද කවදාවත් නැතුව ජින්-හිට් බේකරියේ චිමිනිවලින් අහසට දුම්වලා නැඟුණේ නැහැ.

එතකොට සඳුදාවක් වුණු අද වගේ දවසකත් පාරිභෝගිකයන් පෝළිම් ගණනින් පිරී ඉතිරී යන බෝරහේ පොටෙරි සාප්පුවේ ප්‍රධාන දොරටුව, අද ලොකු අඟුලකින් දම්වැල් වැටිලා තිබුණේ අනපේක්ෂිත විදිහටයි.

අනිත් අතට සිසුන් සියගණනකගේම කටහඬවල් නිසා ඝෝෂාකාරී වෙන ජස්ට් ඩෑන්ස් නර්ථන පාසල, අද ඉදිකටුවක් වැටෙන සද්දෙත් ඇහෙන තරමටම නිහඬවෙලයි තිබුණේ.

කොටින්ම කියුවොත් තේජෝන් වීදි කොණේ තේජාන්විතව බැබළෙන හයසිය දහතුනේ දෙමහල් පරණ ගොඩනැඟිල්ල, අද පාළු මූසල ස්වරූපයකින් පිරී ඉතිරිලයි තිබුණා කියලා කිව්වත් වැරදි නැහැ.

සද්දෙට දෝංකාර දෙන හොසොක්ගේ හිනාව...

එතකොට ඉදලා හිටලා නම්ජුන්ගෙ අතින් බිඳෙන මැටි බඳුන්වල සද්ද..

බිඳෙන මැටි බඳුන් නිසා නම්ජුන්ට බනින ටේහ්යොන්ගේ කෑගැහිල්ල..

රොක්-පේපර්-සිසර් ගේම් එකක් නිසා බෝරාට පැරදිලා දෝංකාර දෙන ජිමින්ගේ ඇඬිල්ල..

තව එතකොට යුන්ගිගේ කම්මුල් රතුවෙන්නම මිරිකලා එයාගෙන් හැංගෙන්න දුවන ජන්ගුක්ගේ සිරික්කියයි, ඒ රතුවුණු කම්මුල්වල අයිතිකාරයා වුණු යුන්ගිගේ නෝක්කාඩුවයි..

අද මේ කිසිම සද්දයක්වත් හයසිය දහතුනේ බිල්ඩිමෙන් ඇහෙන්නෙ නැති තරමටම නිහඬවෙලා.

මොකද අද ඒ සද්දබද්දවල අයිතිකාරයෝ හත්දෙනාගෙන් එක්කෙනෙක්වත් බිල්ඩිමේ හිටියේ නැති නිසයි.

Into the Magic Shop ‖ OT7 [13]Dove le storie prendono vita. Scoprilo ora