Chapter 19: I'm the one I should love (Ft. ARMY)

121 33 30
                                    

හොසොක්ගෙයි ජිමින්ගෙයි ජස්ට් ඩෑන්ස් කියන එයාලා දෙන්නාගේ මහන්සියෙන් ගොඩනැඟුණු නර්ථන පාසල, මේ වෙද්දි සෝල්වල විතරක් නෙවෙයි ඩාන්සින් තමන්ගේ ජීවිතය කරගන්න බයෙන් ඉන්න සෝල්වලින් පි‌ට ගම්බඳව වෙසෙන හුඟක් තරුණ තරුණියන් අතර පවා ඉතාමත් ඉක්මණින් ජනප්‍රිය වුණු න...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොසොක්ගෙයි ජිමින්ගෙයි ජස්ට් ඩෑන්ස් කියන එයාලා දෙන්නාගේ මහන්සියෙන් ගොඩනැඟුණු නර්ථන පාසල, මේ වෙද්දි සෝල්වල විතරක් නෙවෙයි ඩාන්සින් තමන්ගේ ජීවිතය කරගන්න බයෙන් ඉන්න සෝල්වලින් පි‌ට ගම්බඳව වෙසෙන හුඟක් තරුණ තරුණියන් අතර පවා ඉතාමත් ඉක්මණින් ජනප්‍රිය වුණු නවාතැන්පොළක් වෙලා ඉවරයි.

ඉතින් ඔවුන් දෙදෙනා ස්ටූඩියෝ එකේ ලෙසන්ස් පටන් අරගෙන මේ වෙද්දි මාස කිහිපයක් ගෙවිලා ගිහින් තිබුණු මොහොතක, කොරියාවේ නන්දෙසින් පැමිණෙන හුඟක් බාධක මැද ජීවත්වෙන නමුත්, නර්තනයට සහජ කුසලතා ඇති තරුණ තරුණයන් වෙනුවෙන්ම ජස්ට් ඩෑන්ස් පාසලත් විවිධ අංග ඔස්සේ ඔවුන්ගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යමිනුයි තිබුණේ.

ඉතින් ඔවුන්ගේ සතියේ වැඩ කාලසටහනේ සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් දෙකම හොසොක් වගේම ජිමින් දෙදෙනාම නිවාඩු පාඩුවේ තම තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්න විතරක් වෙන් කරලා තියාගෙන ඉන්නකොට, ඔවුන්ගේ මුළු සඳුදා දවස වෙන්වෙලා තිබුණේ හොසොක්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ස්ට්‍රීට් ඩාන්සින් වගේම හිප්-හොප් ඩාන්සින් ලෙසන්ස්වලටයි.

එතකොට අඟහරුවාදා දවසෙ උදෑසන කාලයේදි ජිමින්ගේ මඟපෙන්වීම යටතේ ඔහුගේ බැලේ පංතිය වෙනුවෙන් කාලය වෙන්වෙනකොට, හවසට කන්ටෙම්පරරි ඩාන්සින් ලෙසන්ස්වලට ඔහු කාලය වැය කලා. අනිත් අතට බදාදා සහ බ්‍රහස්පතින්දා දවස් දෙකේම ජිමින් සහ හොසොක් දෙන්නාට එයාලගේ කොලේජ් එකේ ලෙක්චර්ස් තිබුණු නිසා ඒ දවස් දෙකම වෙන්වුණේ ඔවුන්ගේ තියෙන දැනුම සහ කුසලතා වැඩිදියුණු කරගන්නයි.

එතකොට සිකුරාදා දවස තමයි ජස්ට් ඩෑන්ස් ඇකඩමියේ සිසුන් සියල්ලෝම විතරක් නෙවෙයි, හොසොක්-ජිමින් දෙපල පවා මඟ බලාගෙන හිටිය සතියේ උද්වේගකරම දවස වුණේ.

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now