Chapter 20: Darkest Nights to Brightest Sunrises

106 30 51
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කාලය දුවන්නේ ඇහිපිය ගහන සීරුවට.

දැන් සති කිහිපයකට කලින් අළුත් අවුරුද්දක් සමරලා අනිත් පැත්ත හැරෙද්දි අද නොවැම්බර් මාසෙත් ඉවරවෙන්න ඔන්න මෙන්න.

(A/N: මේක පබ්ලිශ් කරද්දි නම් සැප්තැම්බර් ඉවරවෙන්න ඔන්න මෙන්න...)

"මේ පාර නම් අපි ජින් හ්යොන්ගේ බර්ත්ඩේ එකට පාටියක් දාන්නම ඔිනි....."

හැමදාම වගේ අදත් උදේ පාන්දරම ජින්-හිට් බේකරියේ වැඩවලට කාර්යබහුලවෙලා උන්නු සොක්ජින් දිහා බලාගෙනම ජන්ගුක් එහෙම කිව්වේ යුන්ගිගේ ළඟට කිට්ටුවෙන අතරෙයි.

"මේ පාර නම් අපි දෙන්නා විතරක් නෙවෙයිනේ එයාගේ බර්ත්ඩේ එකට එයා ළඟ දැන් ඉන්නේ... දැන් ඔක්කොම හයදෙනෙක් එයාගේ තනියට ඉන්න නිසා, අපිට මේ පාර ලොකු සප්‍රයිස් පාර්ටියක් එයාට දෙන්න පුළුවන්..."

බේකරියට ඇවිත් ඉන්න ආර්මි පාර්භෝගිකයන් එක්ක සිනාමුසු මුහුණින් හරි හරියට ගණුදෙනු කරන සොක්ජින් දිහා බලාගෙනම ජන්ගුක් තවමත් ඔහේ කියවනවා.

"ඒත් කූ-- අනිත් අය අපිට මේ පාර්ටිය ලෑස්ති කරන්න උදව් කරන්න කැමැතිවේවි කියලද ඔයා හිතන්නේ....??"

ඒත් යුන්ගිගේ හිතේ එයාලගේ බිල්ඩිමට ඇවිත් උන්නු ඔවුන්ගේ අළුත් හිතවතුන් ගැන තවමත් පුංචි කුකුසක් තිබුණා.

"එයාලා තවමත් අපේ බිල්ඩිමට ඇවිත් මහ කාලයක් නෑනේ.... ලොකු පාර්ටියක් දාලා කන්න බොන්න තරම් අපි අතරෙ එහෙමට ලොකු යාළු ෆිට් එකකුත් නෑහ්... ඉතින් එයාලා ජින් හ්යොන්ගේ පාර්ටියට එන්න බෑ කිව්වොත් හ්යොන්ගිට හුඟක් දුක හිතෙයි.... එයාට එහෙම හිතෙන්න දෙන්න මට නම් බෑහ්...."

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now