Chapter 09: A Whole New World

105 35 12
                                    

හොසොක් වගේම ජිමිනුත් දෙන්නා දැන් මිනිත්තු කිහිපයක ඉදන් එයාලා ඉස්සරහා තියෙන අංක හයසිය දහතුනේ බිල්ඩිමේ එයාලට වෙන් කරලා තිබුණූ කඩ සාප්පුව දිහා බලාගෙන හිටියේ, දිලිසෙන ඇස්වලින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොසොක් වගේම ජිමිනුත් දෙන්නා දැන් මිනිත්තු කිහිපයක ඉදන් එයාලා ඉස්සරහා තියෙන අංක හයසිය දහතුනේ බිල්ඩිමේ එයාලට වෙන් කරලා තිබුණූ කඩ සාප්පුව දිහා බලාගෙන හිටියේ, දිලිසෙන ඇස්වලින්.

"එහෙනම් අන්තිමේදි අපේ හීන හැබෑවෙන්නයි යන්නේ ජිමිනා.... මට නම් තාමත් මේක හිතාගන්නවත් බෑහ්..."

අතේ තිබුණු යතුරු කැරැල්ලයි, ඒ යතුරු කැරැල්ල අයිති කඩ සාප්පුවේ විශාල දොර දිහායි බලාගෙනම හොසොක් එයාගේ ඇස්වලින් බේරෙන කඳුළු පේළියක් ඔහේ පිහලා දැම්මා. ජිමින් කලේ හොසොක්ගේ ඇස්වලින් බේරෙන ඒ සතුටු කඳුළු දිහා බලාගෙනම ඔහුට උණුහුම් වැළඳගැනීමක් දුන්නු එක විතරයි.

"මට මේ හීනෙ දුන්නාට ඔයාට හුඟක් පින් ජිමිනි.... මං අද හුඟාක් සතුටින්....."

පෙරලා ජිමින්වත් ඒ ගැහෙන පපුවට වැළඳගත්තු හොසොක්, තම ලේ නොවුණු සහෝදරයාගෙන් ලැබෙන ඒ උණුහුම විනාඩි කිහිපයක් සතුටින් වගේම හරි ආදරයෙන් විඳගත්තා.

"එහෙනම් දෙන්නම එකට දොර අරිමු...."

වසර ගාණකින් කිසිම කෙනෙක්ගේ හුස්ම පොඳක් නොවැටුණු ඒ කඩ කාමරයම පිරිලා තිබුණේ පුස් ගඳකින් විතරයි. ඉතින් ඒ පුස් ගඳට නම් හොසොක්ගෙයි ජිමින්ගෙයි මූණේ මෙචච්රවෙලා තිබුණු හිනාව පොඩ්ඩක් විතර අඩුවුණා.

ඒත් පොළොවට අල්ලලා තිබුණු සුදු පාට ටයිල් කැටවත් නොපෙනෙන තරමටම පිරිලා තිබුණූ දුහුවිල්ලටත් වඩා බිත්ති අතරෙ තිබුණූ මකුළු කොලනි දැක්කාම නම් ඉරක් වගේ එළිය වැටිලා තිබුණූ හොසොක්ගේ හිනාව කොහේ ගියාද දන්නැහැ.

"අපිට මෙතනට එන්න කලින් තොවිලෙකුත් නටන්න වෙයි වගේ... මහ සෝනත් හැංගිලා ඇති මේකෙ අස්සේ නම්....."

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now