To all the People I Purple: Thank You

96 24 30
                                    

A/N: ඔයා හිතපු තරමටම මේ කතාවට සාර්ථක අවසානයක් නැති වෙන්න ඇති, ඒත් මේ අවසානය ලියන්න හේතුවුණු මේ මුළු කතාව ගැන පුංචි සමරි එකක් ඔයාට ආයෙමත් මම දෙන්නද?

සොක්ජින්-ජන්ගුක්-යුන්ගි කියන්නේ එකම පවුලේ සහෝදරයෝ තුන්දෙනෙක්. සොක්ජින් හයි ස්කූල් යන කාලෙදිමයි ඔවුන්ගේ දෙමව්පියන්, බේකරියේ ඇතිවෙන පිපිරුමක් නිසා මොවුන්ට අහිමි වෙන්නේ. එතැන් පටන් සොක්ජින් තමන්ගේ සහෝදරයන්ගේ අනාගත ගැන වගකීම කරට අර‌ගෙන, බේකරියේ වැඩත් බලාගනිමින් තනියෙන්ම නැඟී හිටින්න ලොකු උත්සහයක් ගන්නවා. පාරිභෝගිකයන් නැති, හරිහමන් ආදාමක් නැතිව, ලොකු ගෙවල් කුලියක් ගෙවමින් මොවුන් කොහොමහරි ජීවිතේ ඉස්සරහට ඇවිඳගෙන ගියා. කාලයක් ගතවෙනකොට ඔවුන් ජීවත්වුණු බිල්ඩිමෙන් ඔවුන්ට යන්න සිද්ධවෙන්නෙ ඔවුන් බලාපොරොත්තු නොවුණු විදිහටයි. දෙමව්පියන්ගේ මරණෙන් පස්සේ කාටවත් අතපා ජීවත් නොවුණු සොක්ජින්ට, එදා තම සහෝදරයන්ගේ ජීවිත වෙනුවෙන් ඔවුන්ව අතෑරලා දාපු නෑයෙක්ටත් කතා කරලා බැගෑපත්වෙන්න සිද්ධවෙනවා. ඒ වෙද්දි සොක්ජින්ගේ උදව්වට යුන්ගිත් ඔහුගේ හීන අතෑරලා දාලා ඔහුත් එක්ක බේකරියේ වැඩවලට හවුල්වෙලයි හිටියේ. කොහොමහරි මොවුන් තුන්දෙනාගේම මොකද්දෝ තිබුණු පෙර පිනකට, ඔවුන්ගේ බේකරිය තිබුණු මුළු ගොඩනැඟිල්ලම ඔවුන්ගේ දෙමව්පියන් මියයන්න කලින් ඔවුන් වෙනුවෙන් මිලදීගෙන තිබුණා. ඊටත් වඩා පරම්පරා දෙකක්ම නඩත්තු කරන්න පුළුවන් තරමටම ඔවුන්ට ලොකු වන්දි මුදලකුත් ලැබුණා.

ඊටපස්සේ මේ කතාවට එක්වුණූ තවත් චරිත දෙකක් තමයි ජිමින් සහ හොසොක් කියන්නේ. එකම කොලේජ් එකේ ඉගෙන ගත්තත්, හොසොක් කියන්නේ ජිමින්ට වඩා අවුරුද්දක් වැඩිමල් ශිෂ්‍යයෙක්. තමන් උපන් ගමේ, තමන්ගේම පවුලේ අය වගේම යාළුමිත්‍රාදින් පවා ජිමින්ගේ ශරීර ස්වරූපයට, ඔහුට හැමදාමත් මිනිස්සු හිනාවුණා. ඒකෙන් සිද්ධවුණේ, ජිමින් තමන් ගැනම වෛරයක් ඇති කරගෙන අවසානෙදි ජීවිතය විනාශ කරගන්න උත්සහ කරපු එකයි. ඒත් ඔහුට දවසක හොසොක්ව මුණගැහෙනවා. පිටස්තරයන්ගෙන් ලැබෙන්නා වූ දහසකුත් පිළිකුල් බැලුම් හමුවේ ඩාන්සින් කියන හීනයක් ගැන ආසාවක් හොසොක් දිහා බලාගෙන ඉදලාම ඇති කරගන්න ජිමින්, අන්තිමේදි කොරියාවේ විශිෂ්ඨතම ආර්ට් කොලේජ් එකට වැඩිම ලකුණුත් සමඟින් ශිෂ්‍යත්වයක් අරගෙනම ඇතුළුවෙනවා. ඒ හොසොක්ගේ මඟ පෙන්වීමත් එක්ක, ජිමින්ගේ ස්ව මහන්සියෙන්. පුංචි කාලෙදි ඔහුගේ පෙනුමට හිනාවුණූ මිනිස්සු දැන් ජිමින් දිහා බලලා හිනාවෙන්නේ, කඩවසම් ඔහුගේ අවධානය ලබාගන්න විතරයි. අනිත් අතට හොසොක් කියන්නෙත් පවුලේ අයගෙන්වත් කිසිම උපකාරයක් නැතුව තනිවෙම ජීවීතය ජයගන්න, තනියෙන්ම ලොකු දුරක් ගෙවාගෙන අගනගරෙට ඇවිත් තනියෙන්ම නැඟිට්ට දිරිය තරුණයෙක්. ඔහු තනියෙන්ම තමන්ගේ ජීවිතේ හදාගන්න ලොකු මහන්සියක් අරන් සාර්ථකත්වයක් ලබපු දක්ෂ තරුණයෙක්.

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now