Chapter 17: Running from the Pain

101 33 14
                                    

අද තමයි දවස

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

අද තමයි දවස.

අද තමයි, හයසිය දහතුනේ බිල්ඩිමේ පහළ කෙලවරේ වුණු ජස්ට් ඩෑන්ස් (Just Dance) කියන හොසොක්ගෙයි ජිමින්ගෙයි ඩාන්සින් ඇකඩමිය වගේම බිල්ඩිමේ උඩ තට්ටුවේ අළුතින් නිමැවුණු බෝරාහේ පොටෙරි (Borahae Pottery) කියන ටේහ්යොන්ගේ මහන්සියෙන් වගේම නම්ජුන්ගේ උපදෙස් මත ගොඩනැඟුණු සිරිමැටි බඳුන් සාප්පුවෙත් ආරම්භක දවස තමයි තව පැය කිහිපයකින් උදාවෙන්න නියමිතව තියෙන්නේ.

"යාහ්.... නැඟිටිනවලා කුම්බාණ්ඩයෝ දෙන්නා......"

වෙනදා වගේම අදත්, ජින්-හිට් බේකරියටම අලලා තිබුණු යුන්-ජින්-කුක් පුංචි‌ ගෙදර නම් යකාගේ කම්මල වගේ සොක්ජින්ගේ කේන්තියෙන් හොඳටම රත්වෙලයි තිබුණේ.

"අන්න අරහේ කුරුල්ලෝ උදේට කන්න, කෑම හොයන්න යන්නත් පටන් අරගෙන.. ඒත් මුන් දෙන්නා පුකට අව්ව වැටෙනකල් මෙතන කෙල පෙරාගෙන බුදි....."

සොක්ජින්ගේ මෝනින් එලාම් එකෙන් මුළු හයසිය දහතුනේ බිල්ඩිමම සද්දෙට දෝංකාර දුන්නා.

"ඔය ඇස්වල පිරිලා තියෙන කබ ටිකත් හෝඳගෙන, පහළ කවුන්ටර් එකේ මන් ලෑස්ති කරලා තියෙන බේගල්ස් තැටි දෙක ඉක්මණට නම්ජුන්ලට ගිහින් දෙන්න කූ......"

තවමත් ඇඳේ ගුලිවෙලා ඉන්න ජන්ගුක්ගේ බ්ලැන්කට් එක ඇඳෙන් බිමට ඇඳලා දැම්මාට පස්සේ සොක්ජින් කෙලින්ම හැරුණේ තවමත් ඇඳේ වාඩිවෙලා නිදිකිරා වැටෙන යුන්ගිගේ පැත්තටයි.

"එතකොට යුන්ගි ඔයා, ඉක්මණට ලෑස්තිවෙලා ගිහින් ජිමිනිලා ඉල්ලපු ඩෝනට්ස් ඔ්ඩර් එක හදන්න ලෑස්තිවෙන්න... දැනටමත් ඒ ළමයි ස්ටූඩියෝ එක ලෑස්ති කරලත් ඇති.... ඉතින් ඉක්මණ් කරන්නකෝ....."

Into the Magic Shop ‖ OT7 [13]Onde histórias criam vida. Descubra agora