Chapter 13: Silent Whimpers

113 33 33
                                    

සිද්ධවෙලා තිබුණේ කවුරුවත්, කවමදාකවත්ම වේවි කියලා බලාපොරොත්තු‌ වුණු දෙයක් නම් නෙවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිද්ධවෙලා තිබුණේ කවුරුවත්, කවමදාකවත්ම වේවි කියලා බලාපොරොත්තු‌ වුණු දෙයක් නම් නෙවෙයි.

"මොකද්ද මේ සිද්ධවුණේ....???"

හොසොක්ගේ ඇස්වලට සිද්ධවෙලා තිබුණු දේවල් තවමත් අදහගන්න බැරිවයි හිටියේ. අඩුම තරමේ කොල්ලාට මොකද්ද ඇත්තටම සිද්ධ වුණේ කියලවත් කිසිම නිච්චියක් තිබුණේ නැහැ.

"අ-අ-අපේ හ්-හැමදේම--- ව්-ව්-විනාශයි....."

ලිහිණි රංචුවකගේ ගුමු නාදයත් තේජෝන් වීදිය පුරා දෝංකාර දෙන පසුබිමක, තවමත් අළු දුම්වලා පිටවෙන ගිනිබත් වුණු ජස්ට් ඩෑන්ස් ස්ටූඩියෝ එකේ විනාශවෙලා ගිහින් තිබුණූ බඩු භාණ්ඩ දිහා බලාගෙන ජිමින් තවමත් ඉකිගහනවා.

"කිසිම දෙයක් ඉතුරු නැහැ-- අපේ හැම මහන්සියක්ම වතුරේ..... ඇයි අපිටම මෙහෙම වෙන්නේ??"

ජස්ට් ඩෑන්ස් ස්ටූඩියෝ එකේ අමු අමුවේම පිච්චිලා බිමට කඩාගෙන වැටිලා තිබුණූ නාම පුවරුවත් තුරුළු කරගෙන ජිමින්ට පුළුවන් වුණේ පාරේ හිටපු හැමෝටම ඇහෙන්න හූල්ලන්න විතරයි.

කලින් දවසේ රාත්‍රියේ ජිමින් වගේම ජන්ගුක් දෙන්නාගේ පිස්සු විකාර බලාගෙන හිනාවෙවී දවස අවසන් කරන්න හිටපු මේ තරුණයෝ කිහිපදෙනාට, අන්තිමේදි සිද්ධවුණේ අඬ අඬාම අළුත් නමුත් කාලකණ්ණි දවසකට ආයුබෝවන් කියන්න විතරයි.

මොකද සීයයට අනූවක්ම නිමැවුම් කටයුතු සිද්ධවෙලා අවසන්ව තිබුණු ජස්ට් ඩෑන්ස් කියන හොසොක්ගේ වගේම ජිමින්ගේ මහන්සියෙන් කලඑළි වැටුණු ඔවුන්ගේ නැටුම් පාසලට, කවුරුන්හෝ නන්නාඳුනන පිරිසක් විසින් පහුගිය රාත්‍රීයේදි මුළු ස්ටූඩියෝ එකම ගිනිබත් වෙලා යන තරමටම පෙට්‍රල් බෝම්බ කිහිපයක් විසික් කරමින් සිදුකරලා තිබුණූ විනාශය නිසා ඔවුන් දෙදෙනාගේ හැම හීනයක්ම, ඔවුන්ගේ ඇස් දෙක ඉස්සරහම ගිනිබත් වෙලා යන හැටි ජිමින් වගේම හොසොක්ටත් අත්විඳින්න සිද්ධවුණා.

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now