Epilogue: Into the Magic Shop

85 21 6
                                    


◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻


ඇහැරෙන්න අමාරුයි,

අපි 'ජීවිතය' කියලා හඳුන්වන සෑම දවසකදිම.

ඒත් එය ඇත්තටම ජීවිතයමද?

නැත්නම් එය හිත් රිද්දන නරක හීනයක්ද?


නෑහ්, මට නම් එය අපායක්,

මහා දුක්ඛිත අපායක්.

අපි කවුරුත් හොයනා ජීවිතය,

මගේ ඇස්වලින් මියගියේ, මීට බොහෝ කලකට පෙරයි.


මම අද කණ්ණාඩියක් ළඟ නැවතුණා,

මිනිසුන්ට පෙන්න මගේ සිනහව පමණක් එහි පේන්න තිබුණා.

ඒත් මන් විතරක් දන්නා,

මගේ බිඳුණු ආත්මය එහි අපැහැදිලිව මම විතරක් දැක්කා.


හැමතැනම තිබුණේ බිඳුණු කොටස් විතරයි,

ඒ හැමදේම, මගේ බිඳුණු හදවතේ කොටස් විතරයි.

ඉතින් ඒ බිඳුණු කොටස් නිසා මම තුවාල වුණා,

ඒ නිසා මම හිතන්නේ,

මගේ වෙස්මුහුණ අඳින්න කාලය ආයෙ ඇවිත් කියලයි.


අද මම ගෙදරින් එළියට බැස්සා,

තුවාල වැහෙන්න මම දාගත්තු වෙස්මුහුණත් එක්කම.

මිනිස්සු හිතුවේ මම හොඳින් කියලා,

ඒත් ජීවත්වෙන්න මම විඳින දුක එයාලා දැක්කෙ නැහැ.


නිර්භීත වෙන්න,

ශක්තිමත් වෙන්න,

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now