Chapter 22: The Most Beautiful Moment in Life

107 29 66
                                    

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.


◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻


"අපි ට්‍රිප් එකක් යමුකෝ???"

දවසක් දා හැන්දාවක, හයසිය දහතුනේ බිල්ඩිමේ ඉස්සරහා තිබුණු ලෑලි බංකුවේ ඉඳගෙන කාඩ් අතක් අදිමින් හිටපු සොක්ජින්ගෙයි හොසොක්ගෙයි ළඟට ආපු ටේහ්යොන්, හැමදාම වගේ අදත් එකසිය පනස් අටවෙනි වතාවට මන්තරයක් ජප කරනවා වගේ එයාගේ එකම ඉල්ලීම ඔවුන්ට ඉදිරිපත් කරන එක තවමත් නවත්වලා තිබුණේ නැහැ.

"තව සති දෙක තුනකින් ක්‍රිස්මසුත් එනවා... ඊටපස්සෙ ඉතින් අළුත් අවුරුද්දක්... අනික ජින් හ්යොන්ට කෑම්ප් එකට යන්න දවසුත් ළන්වෙලා.... අනේ ඊට කලින් අපි කට්ටිය වැකේශන් එහෙකට කොහේ හරි ගිහින් එමුකෝ හ්යොන්... අනේ.....!!!!!!"

ටේහ්යොන් එයාට දෙන්න පුළුවන් ලොකුම පපී ඇස් දෙකත් ලොකු කරගෙන සොක්ජින්ගෙයි හොසොක්ගෙයි මූණුවලට මාරුවෙන් මාරුවට එබුණා.

"අපි මේ ගැන දැන් සෑහෙන වතාවක් කතා කලා නේද වෝ.... සීසන් එකත් මේ පාර සරුවට තියෙන නිසා අපිට සතියක්ම බේකරිය වහලා තියන්න බෑහ්නේ... අනික මට කොහොමටත් එහෙ මෙහෙ යන්න තරමුත් දැන් මහ වෙලාවක් ඉතුරුවෙලා නැහැ..."

තමන් දිහා බලු පැටියෙක් වගේ ඇස් දෙකත් බෝල කරගෙන බලා උන්නු ටේහ්යොන් දිහා නොබලාම එහෙම කියපු සොක්ජින් කලේ, හොසොක් එක්ක දිගටම කාඩ් සෙල්ලම් කරපු එක විතරයි.

"බේකරිය විතරක් නෙවෙයි ටේහ්යොගා, අපිට අපේ ඩාන්සින් ප්‍රැක්ටිසුත් එක පාර නතර කරන්න බෑහ්නේ... මොකද ඉතින් අපේ ඉයර් එන්ඩ් කොන්සර්ට් එකට ආර්මිලාත් මඟ බලාගෙනනේ ඉන්නේ.... මේ වෙලාවේ ස්ටූඩියෝ එක වැහුවොත් අපිටත් හුඟක් පාඩු වෙයි... අනික අපේ ආර්මිලත් හුඟක් අප්සෙට් වෙයි..."

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now