Chapter 18: Hold me Tight

117 34 34
                                    

මේ වෙද්දි හයසිය දහතුනේ බිල්ඩිමට අළුතින් පදිංචියට ආපු හොසොක් සහ ජිමින්ගේ ජස්ට් ඩෑන්ස් ඩාන්සින් ඇකඩමිය වගේම ටේහ්යොන් සහ ජූන්ගේ බෝරාහේ පොටෙරි සාප්පුවත් ආරම්භවෙලා මාසයකුත් ගතවෙලා ඉවරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ වෙද්දි හයසිය දහතුනේ බිල්ඩිමට අළුතින් පදිංචියට ආපු හොසොක් සහ ජිමින්ගේ ජස්ට් ඩෑන්ස් ඩාන්සින් ඇකඩමිය වගේම ටේහ්යොන් සහ ජූන්ගේ බෝරාහේ පොටෙරි සාප්පුවත් ආරම්භවෙලා මාසයකුත් ගතවෙලා ඉවරයි. ඒත් ඒ මාසයක් වැනි සුළු කාලයක් ඇතුළතදි බිල්ඩිමේ අයිතිකාරයන් වුණු ජින්-යුන්ගි-ජන්ගුක් සහෝදරයන් තිදෙනා එක්ක ඔවුන්නොවුන් අතරේ තිබුණු ඇයිහොදැයිකම් හරියට, ආත්ම ගාණක ඉදන් දැන අඳුනගත්තු ඈයෝ වගෙ වැඩිවෙච්ච එක විතරයි වුණේ.

"හ්යොන්.....?? ජින් හ්යොන්....!! ඔයාලා තාම නිදිදෝ.......??? කොහෙද මගේ යුන්ගියා ඔයා ඉන්නේ.....??"

පහුගිය දවස් කිහිපයේ වගේම අදත් උදේ පාන්දර කුකුල හඬලන්නත් කලින්ම ජින්හිට් බේකරියේ ඉස්සරහ දොර ළඟ ඉදන් ජිමින් මහ හයියෙන් කෑගහන්න ගත්තා.

"අදත් ඔයාලගේ ජිමිනි ඔයාලා දෙන්නාව බලලා යන්ඩ ආවෝ.... ඒ නිසා ඉක්මණට දොර අරින්නකෝ...."

ජිමින් එහෙම කියලා ඉවරවෙනවාත් එක්කම ශවර් එකෙන් එළියට ආපු ගමන් කොණ්ඩෙන් වතුර බේරි බේරිම සොක්ජින් තමයි, ජින්-හිට් බේකරියේ ඉස්සරහ ප්‍රධාන දොර ඇරියේ. ඉතින් බේකරියේ දොර ඇරපු සොක්ජින්ව දැක්කා විතරයි, ජිමින් ගිහින් එයාගේ කරට පනින්න මොහොතක්වත් ප්‍රමාද වුණේ නම් නැහැ.

"ඔයා නම් හරියට රෙට්රීවර් බලු පැටියෙක් වගේමයි ජිමිනි..... මූණ පුරා කෙල ගාන එක විතරයි අඩුවකට තියෙන්නේ...."

තමන්ගේ මුළු කරම බදු අරගෙන උන්නු ජිමින්වත් උස්සගෙනම සොක්ජින් එයාලගේ බේකරියේ පෝරණු පැත්තට ඇවිඳගෙන ගියේ, අද දවසට බේකරියත් ලෑස්ති කරන්න වෙලාව හරි නිසයි. ඒත් පහුගිය දවස් හයක කාලයේ වගේම බේකරියේ පෝරණු පැත්තට යද්දි අදත් එහි ඉදන් බේගල්ස් හදන්න පිටි අනන ජන්ගුක්ව දැක්කාම, සොක්ජින් එයාගේ කරේ හිටපු ජිමින්ව හිමීහිට බිමින් තිබ්බා.

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now