Chapter 23: A Boring Seesaw Game (Ft. ARMY)

91 29 34
                                    

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

(A/N: මේක දිග චැප්ටර් එකක්... Words 2700+ සොරි! )

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

බෝරාහේ පොටෙරි සාප්පුව ආරම්භ කරලා මාස කිහිපයක් යන්නත් මත්තෙන්ම හාහාපුරා කියලා නම්ජුන්-ටේහ්යොන් සහෝදරයන් දෙදෙනාට, පෝසිලේන් මැටි බඳුන් සීයයක් ඉල්ලලා කෙරෙනු ලොකුම ඇණවුම ඇවිත් අදට දවස් තුනයි.

ඉතින් නම්ජුන් එක්ක ටේහ්යොනුත් අද උදේ පාන්දරින්ම සෝල් ටවුම පැත්තට ආවේ, ඒ වෙනකොටත් ඔවුන්ට ලැබිලා තිබුණු ඒ ලොකුම ඇණවුමට අවශ්‍ය කරන විශේෂ කලමණා ආදිය මිලදීගන්න බලාපොරොත්තුවෙනි. අදාළ නිමැවුම් සාප්පුවල දොරවල් අරින්නත් කලින්ම ඒ කඩවල් ඉස්සරහට වෙලා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගන්න බලා උන්නු මේ සහෝදරයන් දෙදෙනා, දැන් පැය හතරකටත් වැඩි කාලයක් තිස්සේම ටවුමේ තිබුණු හැම කඩයකටම යන්නත් අමතක කලේ නැහැ. ඉතින් දහවල් ඉර මුදුන්වෙනවාත් එක්කම මේ තරුණයෝ දෙන්නා, ඔවුන්ගේ වෙහෙස නිවාගැනීමේ අරමුණින් ඒ ළඟින්ම වගේ තිබුණු පුංචි කැෆේ එකක් ඇතුළට ඇවිඳගෙන යන අතරෙම ලොකු සංවාදයකටත් ගිලිලයි හිටියේ.

"අපිට තව හීටර් එකක් ඔිනවෙයි හ්යොන්..." ඒ ටේහ්යොන්.

"දැන් තියෙන හීටර් එකෙන් පෝසිලේන් පොට් එකක් වේලෙන්නම දවස් දෙකක් විතර යනවා... ඉතින් එකේ රස්නෙ නම් මේ වැඩේට හොඳටම මදි වෙයි...."

ටේහ්යොන් එයාට හොට් මයිලෝ එකක් ඔ්ඩර් කරන ගමන් නම්ජුන් එක්ක දිගටම කතා කලේ, ඔහුට අයිස් ඇමරිකානෝ එකකුත් ඔ්ඩර් කරන අතරෙයි.

"ඒ කියන්නේ අපි තව හීටර් එකක් ගත්තොත්, අපිට ඉක්මණටම පොට්ස් දහයක්ම මේ සතියෙ අන්තිම වෙනකොට බිග්හිට් එකට ඩිලිවර් කරගන්නත් පුළුවන් වේවි.... එහෙම නේද ටේහ්යොගා??"

Into the Magic Shop ‖ OT7 [13]Tempat cerita menjadi hidup. Temukan sekarang