Chapter 16: Now or Never

123 31 26
                                    

අළුත් මාසයක්, අළුත් සතියක් වගේම අළුත් දවසකින් අළුත් මූණුවර කිහිපයකුත් එක්කම අදත් තේජෝන් වීදි කොණේ තිබුණු අංක හයසිය දහතුනේ බිල්ඩිමම හිනා සද්දවලින් පිරිලයි තිබුණේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අළුත් මාසයක්, අළුත් සතියක් වගේම අළුත් දවසකින් අළුත් මූණුවර කිහිපයකුත් එක්කම අදත් තේජෝන් වීදි කොණේ තිබුණු අංක හයසිය දහතුනේ බිල්ඩිමම හිනා සද්දවලින් පිරිලයි තිබුණේ.

එක පැත්තකින් වෙනදා ව‌ගේම මුළු තේජෝන් වීදියම බේගල්ස්වල සුවඳින් මුසපත් කරවන ජින්-හිට් බේකරිය. එතකොට අනිත් පැත්තෙන් ආයෙමත් ගිනි අළු මතින් අළුතින් ගොඩනැගෙන ජස්ට්-ඩෑන්ස් ඩාන්සින් ස්ටූඩියෝ එක. වෙනදාටත් වඩා අද ඒ හැම හිස් පසුබිමක්ම ජීවයෙන් පිරිලා ඉතිරිලයි තිබුණේ.

"දැන් ඔයා මොකද කරන්නේ නම්ජුනා???"

අසනීප ගතිය තවමත් අඩු නොවුණු නිසා යුන්ගිගෙයි ජන්ගුක්ගෙයි බලකිරිල්ලටම තවත් දවසක් විවේකීව ගත කරන්න සොක්ජින්ට සිද්ධවෙද්දි, ඔහුගේ තනියට අද නම්ජුනුත් ඔහුත් එක්ක කාලය කා දමන්න එකතුවෙලා හිටියා.

ඉතින් ජින්-හිට් බේකරියට අද උදේන්ම ප්‍රවාහනය කරපු නැවුම් කෝපි කුඩුවලින් පිළියෙල වුණු උණු කෝපි කෝප්ප දෙකකුත් තොල ගාණ ගමන් සොක්ජින් වගේම නම්ජුන්ත් ඉඳගෙන හිටියේ, මුළු හයසිය දහතුනේ බිල්ඩිමම පේන විදිහට ඒ බිල්ඩිම ඉස්සරහින්ම හදලා තිබුණු පුංචි ලෑලි බංකුවෙනුයි.

"පොතේ හැටියට නම් ඔයා මේ වෙද්දි සෝල් යුනිවර්සිටි එකේ හෙඩ් චීෆ් වෙලත් ඇති... කොහොමත් ඔයාගේ හීනෙ වෙලා තිබුණේ ඒකනේ..."

මීට විනාඩි කිහිපයකට කලින් ජන්ගුක් උණු උණුවෙන්ම පෝරණුවෙන් බාපු බටර් විස්කෝතුවකුත් හපන ගමන් සොක්ජින්ගේ ඇස් නැවතුණේ තවමත් නිහඬව කෝපි කෝප්පෙ තොල ගාණ නම්ජුන්ගේ ළඟටයි. ඒත් තමන්ගේ ප්‍රශ්නවලට කිසිම උත්තරයක් දෙන්නෙ නැතුව ලොකු කල්පනාවක වැටිලා හිටපු නම්ජුන්ගේ සිතැඟී තේරුම්ගන්න ජින්ට මහ වෙලාවක් ගත කරන්න ඔිනවුණේ නැහැ.

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now