Chapter 06: Expected the Unexpected

113 39 34
                                    

වෙලාව දැන් පාන්දර තුනයි විනාඩි දහයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙලාව දැන් පාන්දර තුනයි විනාඩි දහයයි.

ඒ අතරේ ඩෙගු බලා යන හයිවේ එක්ප්‍රස් එක, තව පැය දෙකකින් සෝල් ස්ටේශන් එක බලා එන්න නියමිතව තිබුණා.

"යූන්???? දැන් අපිට ලෑස්තිවෙන්න වෙලාව හරි...."

ගෙවුණු රැයේ එකඳු මොහොතකවත් සොක්ජින්ට නින්ද කියන දේ ඔහු කරා ළඟා වුණේ නැතත්, කිසිම පැකිලීමක් නැතුව කොල්ලා අද උදේන්ම නැඟිටලා උදාවෙලා තියෙන ඒ අවාසනාවන්ත දවසට මුහුණදෙන්න ලකලෑස්ති වුණා.

"හතරහමාර වෙද්දිවත් අපි ස්ටේශන් එකට යන්න ඔින... ඒ නිසා කම්මැලි නොකර හොඳ ළමයා වගේ ඔයත් දැන් ඉක්මණට නැඟිටින්න ජන්ගුකාා...."

තමන් වගේම තමන්ගේ බාල සහෝදරයන් දෙදෙනාත් ඒ රැයේදි නිදි නොනිදා කොට්ටෙට ඉකිගහන සද්දෙ සොක්ජින්ට හොඳාකාරව ඇහුණත්, ඔවුන්ගේ ජීවිතේ පළවෙනි වතාවට අවුරුදු පහළොවක් තිස්සෙම නොබිඳුණු ඔවුන්ගේ බැඳීමට අවසානයක් දෙන්න අද දවසෙ ඉදන් ඔවුන් තිදෙනාටම අකැමැත්තෙන් වුණත් සිද්ධවෙලා තියෙන එකට ඔවුන් තිදෙනාම හුඟක් වෛර කලා. ඒත් දැන් ඉතින් මොනවා කියලා මොවුන් කරන්නද?

"ඔයාලා ලෑස්තිවෙලා පහළට එනකල් මං බ්‍රක්ෆස්ට් රෙඩි කරන්නම්..."

කිසිම හැඟීමක් නැතුව ඇඳෙන් නැඟිටපු යුන්ගිගේ උරහිස හෙමින් පිරිමැදපු සොක්ජින්, තවමත් ඇඳේ වකුටුවෙලා ඉන්න ජන්ගුක්ගේ නළලටත් හාදුවක් තියලා එතනින් යන්න ගියේ ලොකු හුස්මක් අතෑරලයි.

ඉතින් විනාඩි කිහිපයකට පස්සේ තවමත් මුළු ලෝකයම අඳුරින් නෑවිලා තිබුණු වෙලාවක, බිමට බරවුණු ඇස් අඩමන් කරගෙන යුන්ගි වගේම ජන්ගුක් දෙන්නාත් පඩිපෙළ දිගේ පහළට බැස්සේ ඔවුන්ගේ ජින්-හිට් බේකරියේ පෝරණුව ළඟ උන්නු සොක්ජින්ව දැකගන්න අපේක්ෂාවෙන්.

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now