Chapter 08: Once Upon a Dream

118 37 25
                                    

මෑත ඉතිහාසයේ වැඩිම කඩඉම් ලකුණු ප්‍රමාණයක් අරගෙන ජිමින් නම් වූ දක්ෂ තරුණයා සෝල් ආර්ට් කොලේජ් එකට එද්දි ඔහුට යන්තම් අවුරුදු විසි එකක් ලැබුවා විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෑත ඉතිහාසයේ වැඩිම කඩඉම් ලකුණු ප්‍රමාණයක් අරගෙන ජිමින් නම් වූ දක්ෂ තරුණයා සෝල් ආර්ට් කොලේජ් එකට එද්දි ඔහුට යන්තම් අවුරුදු විසි එකක් ලැබුවා විතරයි. තමන්ගේ දෙමව්පියන්, එකම සහෝදරයා වගේම ගමේ ඔහුට හිටපු හැම යාළුවෙක්වම පවා අතෑරලා දාලා, ජිමින් සෝල් බලා ආවේ ඔහුගේ ජීවිතේට ලැබුණු එකම එක අරමුණක් වෙනුවෙනුයි.

'ඩාන්සින්...'

ඩාන්සින් කියන දේ ජිමින්ට ඔහුගේ මුළු ජීවිතේම වුණා.

තමන්ගේ පිරුණු කම්මුල්වලට, එතකොට තමන්ගේ පිරුණු අත්වලට, ඒ කකුල්වලට විතරක් නෙවෙයි ගෑණු ළමයෙක්ට වඩා ලස්සනට පිරිලා තිබුණු ඔහුගේ තොල්වලට, එතකොට ඔහුගේ සමහර චලනවලට පවා මිනිස්සු මේ සියුමැලි තරුණයාට හිනාවෙද්දි, ජිමින් තමන්ගේ ස්වරූපයට හැමදාමත් වෛර කරන්න ගත්තා. තමන් මේ ලෝකෙට ඉපදුණ එකට පවා ඔහු ඔහුටම වෛර කලා.

ඉතින් හැමදාම පාන්දර තුනට නැඟිටලා කාටත් හොරා ඉස්කෝලෙ යන්නත් කලින් බුසාන් මුහුදු වෙරළ පෙනෙන නොපෙනෙන මායිමට දුවලා ගිහින් ආයෙමත් ඒ කිලෝමීටර් දුරම ආපස්සට හතිදාගෙන දුවගෙන එන තරුණ ජිමින්, ඔහුගේ සිරුරට නොසෑහෙන්න වේදනා දෙන්න පටන්ගත්තා. ඒ, අනිත් මිනිස්සුගේ තමන්ට ලැබෙන නොරිස්සුම් බැලුම්වලට නොසෑහෙන්නම ඒ අහිංසක හිත පෑරිලා තිබුන නිසයි.

ඒත් එක දවසක්, මිනිස්සුන්ගේ හිස් කතාවලට ඒ පුංචි හිත හුඟාක් තුවාල කරගෙන හිටපු ජිමින්ගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කරන්න පුළුවන් වුණු කෙනෙක් ඔහුගේ දෙපා ළඟටම ඇවිත් හිටියේ, ඔහුගේ දෛවයට තවදුරටත් අපායක් නොවෙන්න ඉඩ සලසමිනි.

බුසාන් උසස් පාසලේ මීට වසර කිහිපයකට ඉහතදි තිබුණු එක්තරා උත්සවයකට සෝල් ආර්ස්ට් කොලේජ් එකෙන් ආපු තරුණ තරුණියෝ කිහිපදෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුවක් සංවිධානය කරලා තිබුණේ, ජිමින්ගේ ජීවිතේ වෙනස් කරන්න උදාවෙලා තිබුණු ඒ පළමුවෙනි පියවර විදිහටයි. වැඩමුළුවක් කිව්වට ඒක නිකන් සමර් කෑම්ප් එකක් වගේ සතියක් විතර දිගට ඇඳුණ වැඩසටහනක්.

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now