Eunwoo- ඒත් අපි යන්නේ කොහොමද?

Dahee- ඉන්නකෝ.මම Lin ට call එකක් ගන්න. එයා හරි අපිට උදව් කරයි

●●●

Jake - දැන් අපි මොකද කරන්නේ?

Jay - මම දන්නේ කොහොමද යකෝ. මුන් ටික නවත්තන්නනේ අපි ආවේ.

Heeseung- ඔයාලා ඔක්කොම යන්න

Yeonjun- උඹට ඕනවට අපි වැඩ කරන්න ඕනද?

Beomgyu- ඔයාට නම් ඕන නෑ. ඒත් අපි වැඩ කරන්න ඕනනේ

Minhee- අපිට එහෙම ඔයාව දාලා යන්න බෑ.

Jay - මේ පූසා හරි. අපිට එහෙම කරන්න බෑ

Jake - යන තැනක මමත් එනවා

Heeseung- නෑ මම තනියම යන්නන්.

Yeonjun- Niyara උඹට පැණි හලද්දි අපිට උඹව තනියම යවන්න බෑනේ

Heeseung- මොකක්? ඒකි මට?.

Yeonjun- ඔව් ඉතින් උඹට අවුරුදු 500 ක් කියලා ඒ ගෑනි දන්නේ නෑනේ

Jake - Yeonjun හරි අපිට ඔයාව තනියම යවන්න බෑ

Heeseung- එතකොට අරුන් ටික බලාගන්නේ අර අවතාරෙද?

Chaehee- කාටද ඔයා අරුන් කියන්නේ?

Jay- අනික් හතර දෙනාට. අපි ඔයාව Sunoo ට දෙන්නත් ඕන

Chaehee- ඒ ඇයි?

Jake- එයා තමයි ඔයාගෙ Oppa

Chaehee- ඊටකලින් මෙයාලට හොඳ වෙන්න ඕන. අවුරුදු 200ක් ම එයාලා මෙහෙම හිටියා.

●●●

Jungwon- එහෙම කියන්න එපා Hyung. ඒ ඇයි කියලා අපිට කියන්නකෝ

Sunoo - Jungwon හරි අපි අතරේ රහස් තියෙන්න හොඳ නෑ.

Sunghoon- Niki ට කොහොමද?

එතකොටත් Niki නැගිටල එයාලා ගාවට එන ගමන් හිටියා.

Jungwon- ඇතියන්තන්

Sunoo - ඇයි මල්ලි තනියම ගියේ. බලන්නකෝ අපි කොච්චර බය වුණා ද?

Niki - ඒ අවතාරේ මට උදව් කරා. මට හිතාගන්නවත් බෑ

Sunghoon-අපි ඒක දැක්කා.

Niki - ඒක නෙමෙයි කොහෙද Heeseung hyung

Jungwon- එයාගේ Mate ව හොයන්න ගියා.

Sunghoon- අරුන් දෙන්නා Yeonjun එක්ක වලිද දන්නේ නෑ

Sunoo- Jake නම් එතන නැතුව ඇති. ඒත් දැන් දවස් දෙකක්ම ගියා.ඌට මොනවද එච්චරටම මල් කඩන්න තියෙන්නේ

Jungwon- අපි Taehyun ව හම්බවෙන්න යමු

Sunoo - උඹට විහින් කන පලාගන්න ඕනද? බන්

Niki - Jungwon hyung හරි. අපි හත්දෙනා ඇරෙන්න වෙන Vampire කෙනෙක් ව කල්පෙකින් දැක්කේ නෑ

Sunghoon- ඒත් Taehyun අපිත් එක්ක ලොකු තරහකින් ඇත්තේ.

●●●●

Jiyun- ඒ බන් දවස් දෙකක් ම ගියා.අරුන් දෙන්නා තාමත් නෑනේ

Lin - ඒක තමයි බන් මමත් මේ බැලුවේ.

Minsoo - උඹ නිකන්වත් පොල්ට call කරේ නැද්ද? මරු යාළුවා

Lin - කොල්ලත් එක්ක යද්දී එහෙම call කරන්න පුළුවන් ද?

එතකොටම Lin ට Dahee ගෙන් call එකක් ආවා.ඒත් එයා Answer කරාට ඇහුණේ ගොර ගොර ගාලා සද්දයක් විතරයි. ඊටපස්සේ Dahee බෙරිහන් දෙනවා එයාලා තුන්දෙනාටම ඇහුණා.

●●●

Dahee- Please අපිට යන්න දෙන්න.අපිව මරන්න එපා

Yeonjun- මේ මම හලෝ. මාව මේ ටිකට අමතක වුණාද?

Eunwoo - කවුද ඔහෙලා?

Chaehee- ඇයි ඔයාලා අනික් අයගේ රෙදි හොයන එක නවත්තන්නේ නැත්තේ.අනික ඉමොගි ඉන්නේ අනික් පැත්තේ

Dahee- කවුද ඒ කතාකරන්නේ? මට ඔයාව පේන්නේ නෑ.

Chaehee- අවතාර මිනිස්සුන්ට පේන්නේ නෑ තමයි. ඔයාලා Vampires ලටයි Werewolves ලටයි මැරෙන්න හදනවා.ඒත් අහිංසක අවතාර දකිද්දී බෙරිහන් දෙනවා. ඒක හරිම අසාධාරණයි

Jake - එහෙම ඇරියස් අරින්න එපා නන්ගි.

Chaehee- ඔයාලා ඉතින් මිනිස්සු එක්ක ඉඳලා නැති හින්දා ඒ ගැන දන්නේ නෑ. සමහර මිනිස්සු කම මරන්නවත් වටින්නේ නැති ජාතියක්

Eunwoo- ඒ කතාවේ නම් ඇත්තක් තියෙනවා.

Dahee- Please අපිට එළියට යන්න උදව් කරන්න. අපි ඕනම දෙයක් කරන්නන්

Jay - ලොක්කයියා මොකද කියන්නේ

Heeseung- උඹම මුන්ව එළියට ඇරලවපන්

Eunwoo- අනේ Please එයාව නම් එපා.

Jake - අපේ Weak point එක ලේ හලෝ.ඉතින් ඒකට අපි මොනවා කරන්නද?

Beomgyu- මම පාර පෙන්නන්නන්.

Eunwoo - කතාකරන ගෙම්බෙක්ව මම අදමයි දැක්කේ

Heeseung- නෑ ඕන් නෑ.උඹ ඔතනම හිටපන්. Chaehee මෙයාලව එළියට යවන්න

Chaehee- ඇයි මටම මෙහෙම වෙන්නේ?

ඊටපස්සේ එයාලා දෙන්නා අවතාරයක් එක්ක යන්න ගියා. අනික් අය Shigeta ව හොයාගන්න ගියා.

To be continued..🙂

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now