Hayoon - Yunso ඔයා දන්න විදිහට Niyara ව පරද්දන්න පුළුවන් එකම මායාකාරයා කවුද?

Felix- ඇයි ඔයාට බැරි ද?

Yeonjun- පුළුවන් නම් මෙයා මෙහෙම ඉඳියිද?

Hayoon - ඒත් අනික් අයව මට්ටු කරන්න පුළුවන් කෙනෙකුත් ඉන්න ඕන.

Yunso - ඒකට අපි හත්දෙනා එකතු වෙන්න ඕන. මේක ඉවරයක් කරන්න ඕන අපිමයි.

Yeonjun- දැන් කවුද ඒ අටදෙනා.

Dahee - මමත් එතනින් කෙනෙක් ද?

Hayoon - ඔව් ඔයානේ මගේ Soulmate

Eunwoo - ඇයි ඔයාලා ඒක ඒ දවස්වල ම ඉවරයක් කරේ නැත්තේ. ඔයාලා  Niyara ට පැරදුනේ කොහොමද?

Yeonjun- මමත් මේ අහන්න හිටියේ ඒකම තමයි..

Yunso Hayoon දිහා බැලුවා. එයාට මොනවා කරන්නද කියලා තේරුණේ නෑ
Hayoon අන්තිමට ලොකු හුස්මක් අරගෙන කතාව කියන්න ගත්තා.

(Flash back )

Hayoon - Tatarus කියන්නේ පෘථිවියට සමාන්තර ව යන සමාන්තර ලෝකයක්.ඒකේ රාජධානි 10ක් තියෙනවා. Caliba Transylvania කියන්නේ එතනින් දෙකක් විතරයි.

Eunwoo- එහෙමත් එකක් ද?

Hayoon - ඔව්.Werewolves ලා ඉන්නේ ඒවා දහයටම මැද තියෙන පත කැළෑවක. එයාලා තමන්ගේ පාඩුවේ කැළෑවට වෙලා ආතල් එකේ කාලා බීලා හිටියා.

Felix- අපි හැමදාම එහෙම තමයි

Hayoon - Vampires ලා කියලත් වෙනසක් නෑ. එයාලත් Transylvania බලාගෙන හිටියා.  අනික් රාජධානිත් එහෙම තමයි.

ප්‍රශ්නේ පටන්ගත්තේ Caliba වලින්. එහේ ඒ දවස්වල හිටියේ මගේ අප්පා Shigeta Harua. එයාට මමත් එක්ක තව දුවලා දෙන්නෙක් හිටියා. Hazuki කියන්නේ මගේ නන්ගි.

Dahee- Niyara කියන්නේ ඔයාගේ ඔන්නි එහෙම නේද?

Hayoon - ඔයා හරි. Hazoo පවුලේ බාලම කෙනා හින්දා අප්පයි ඔම්මයි එයාට හුඟක් ආදරේ කරා. එයාට තමයි ඔක්කොම සැළකිලි තිබ්බේ. Niyara එච්චර නරක කෙනෙක් නෙමෙයි ඒ දවස්වල.

Yunso- ඒත් එයා  තරම් නරක කෙනෙක් දැන් නෑ.

Hayoon - එයා එහෙම වෙන්න අපිත් හේතුවක් වුණා Yunso.

Eunwoo- හරි දැන් කතාව කියාගෙන යන්නකෝ

Hayoon - ඒක හින්දා මමයි Hazoo යි හුඟක් ඈත්වෙලා හිටියා. Niyara යි මමයි තමා හුඟක් ළංවෙලා  හිටියේ. අපි එකට එකතුවෙලා ඇති වෙන්න පිස්සු වැඩ කරා. ඒක හින්දා අපි ඔම්මගෙන් හැමදාම බැනුම් ඇහුවා.

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now